සියලු විශ්ව විද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව යළි විවෘත කෙරේ
2021-04-07 16:15:11
Share with:

සියලු විශ්ව විද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. විශ්ව විද්‍යාල යළි විවෘත කිරීම පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ වන විට සකස් කරමින් සිටී. එම උපදේශන මාලාව ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත. විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල කොරොනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමෙන් පසුව අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබිණ. සිසුන් විශ්ව විද්‍යාලවලට පැමිණීම ප්‍රමාද කළ නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කළ බව සභාපතිවරයා කියයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන