සත්‍යවාදී අභිලාෂයන් ගෙන් තොර ඇමරිකාවේ යටි අරමුණු
2021-04-05 19:27:50
Share with:

‘ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේදී සිය හමුදාව ස්ථානගත කර ඇත්තේ ඇෆ්ගනිස්ථානය යළි ගොඩනැගීම සඳහා නෙවෙයි. තලේබන් සංවිධානය හෝ වෙනත් කවර හෝ ත්‍රස්තවාදී සංවිධානයකට ප්‍රහාර එල්ල කිරීමටත් නෙවෙයි. එහි උපායමාර්ගික අරමුණු තුනක් තියෙනවා. පළමුවෙන්ම, ඇෆ්ගනිස්ථානය කියන්නේ එක්තීරයක් එක්මාවතක් වැඩපිළිවෙලට එක් වන රටක් මෙන්ම ඇමරිකාවේ  වැලමිටින් ස්පර්ශ කළ හැකි මධ්‍යම ආසියාවේ දැවැන්ත රටක් නිසා. දෙවනුව, ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රට වන පාකිස්ථානයට අස්ථිර න්‍යෂ්ටික උපකරණ ඇති බවට ඇමරිකාව තුළ සැකයක් තියෙනවා. තුන්වන එක, ඇෆ්ගනිස්ථානයට යාබදව පිහිටා ඇති චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ උයිගුර් ජාතිකයින් විශාල ජනගහනයක් සිටීම. චීනයේ ස්ථාවරත්වය විනාශ කරනවා නම්, ෂින්ජියංවල අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීම හොඳම ක්‍රමයක්. චීනයේ ඇතුළේ සිට එරට කඩා බිඳින්න එමගින් පුළුවන් කියලා ඇමරිකාව අදහස් කරනවා.’ 

ඒ කතාව ලෝවැසියන් දැන ගත්තේ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය පැවත්වූ මාධ්‍ය හමුවකදී විකාශ‍‍ය කෙරුණු වීඩියෝ කාණ්ඩයකින්. එම වීඩියෝ කාණ්ඩයේ අදහස් දැක්වූයේ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් Colin Luther Powellගේ කාර්යාල අධ්‍යක්ෂ lawrence Wilkerson මහතායි.  

‘ඇමරිකානු ජනාධිපතිවරුන්ට ඕනෑම අවස්ථාවක කැමති විධියට ප්‍රචන්ඩ බලය භාවිත කරන්න පුළුවන් වෙන්නේ ඇයි?’ වසර 2018 අප්‍රේල් මස lawrence Wilkerson මහතා මාධ්‍ය සමග කතා කරමින් පවසන්නේ ‘ඒකට හේතුව, ඇමරිකානු ජනතාවගේ උදාසීනබව ව‍‍ගේම, මන්‍ත්‍රීවරුන්ගේ දුර්වල බව නිසා ජනාධිපතිවරයාගේ ඒකපාර්ශ්වික වරප්‍රසාදයන් පාලනයට ලක් කරන්න ඔවුන්ට විධියක් නෑ. ’ කියලයි.

ඇමරිකාව දැන් මැදපෙරදිග ඇතුළු බොහෝ කලාපවල තත්ත්වයන්ට මැදිහත් වී තිබෙන්නේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පිළිබඳ වාණිජ්‍ය වාසි ලබා ගැනීමයි. වෙන කියමන් ඔක්කෝම බොරුයි. තමන්ගේ ආක්‍රමණික මෙහෙයුමට ලස්සන නමක් දැමීම ඇමරිකානු රජයේ සම්ප්‍රදායක්. වියට්නාම යුද්ධය, ඉරාක යුද්ධය, සිරියානු යුද්ධය, එවැනි අරමුණු හැර වෙන සත්‍යවාදී අභිලාෂ කිසිවක්  නෑ.’ කියා lawrence Wilkerson මහතා තවදුරටත් පෙන්වා දුන්‍නා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන