ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරන ලද “චීන මුලපිරුම” නම් ක්‍රියාකාරී සැලසුම සැබවින්ම චීනයට එරෙහි සැලසුමක්
2021-04-05 19:09:27
Share with:

2021 වසරේ ජනවාරි මස 14 වනදා ඇමරිකානු ජාතික ඉන්ජිනේරු ඇකඩමියේ විද්වතෙක් මෙන්ම, ඇමරිකාවේ MIT ඇකඩමියේ චීන සම්භවයක් සහිත මහාචාර්ය Chen Gang මහතා සිය නිවස තුළදී අත් අඩංගුවට ගැනුණා. එම සිද්ධිය සම්බන්ධයෙන්, ඇමරිකා හා චීන විද්‍යාඥයන් තුළ උණුසුම් ප්‍රතිචාර මතු වී තිබෙනවා. ඉන් පසු සති කිහිපයක කාලයක් තුළ දෙරටේ ශාස්ත්‍රඥ ක්ෂේත්‍රයේ පෙර නොවූ ආකාරයෙන් Chen Gang මහතාට අනුබල දීම් සිදුවුණා.  

වසර 2015 දී ඇමරිකානු අධිකරණ අමාත්‍යංශය චීන සම්භවයක් සහිත උගතුන් පිරිසකට එරෙහි ඊනියා ඔත්තුකාර පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එය විවිධ පාර්ශවයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. ගතවූ වසර 3ක කාලය තුළ, ඇමරිකානු රජය අදාළ ක්‍රියාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් විද්‍යාඥයින් සියයකට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කළා. ඉන් දස ගණනක පිරිසක් අපරාධ චෝදනා හේතුවෙන් අත් අඩංගුවට ගැනුණා.සියළු සිද්ධි ‘චීන මුලපිරුම’ නම් ක්‍රියාකරී සැලසුම හා සම්බන්ධ වෙනවා. ඇමරිකානු නීති විශේෂඥයන් පැවසුවේ රටක නම යොදා ඇති නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් ඇමරිකා ඉතිහාසයේ ඉතා කලාතුරකින් සිදු වූ සිද්ධියක් බවයි. එම සැලසුම හේතුවෙන් ඇමරිකාවේ සිටින චීන සිසු සිසුවියන්, චීන සම්භවයක් සහිත උගතුන් හා විද්‍යාඥයින් වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ ජනවර්ගය, පුරවැසිභාවය,හෝ චීනය අතර ඇති සම්බන්ධතා හේතුවෙන් අසධාරණ තත්ත්වයන්වලට මුහුණ දී තිබෙනවා. ඉන් චීන සම්භවයක් සහිත ප්‍රජාව තුළ සංත්‍රාසයක් මතු වුණා.

2018 වසරේ ඇමරිකානු අධිකරණ අමාත්‍යවරයා ලෙසට සේවය කළ Jeff Sessions මහතා විසින් ආරම්භ කරන ලද එම සැලසුමේ අරමුණ වන්නේ චීනය ඇමරිකා ජාතික ආරක්ෂාවට එරෙහි තර්ජනයට මුහුණ දීමයි. එම සැලසුම චීන හෝ ආසියානු සම්භවයක් සහිත පිරිසට එරෙහි අසධාරණ ක්‍රියාවක් ද යන්න පරීක්ෂා කරන ලෙස මේ වසරේ ජනවාරි මස හා පෙබරවාරි මස ඇතැම් ඇමරිකා විද්‍යාඥයන් හා සංගම් ඇමරිකා කොංග්‍රසය හා නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන