පැරණි ක්‍රමය භාවිතයෙන් චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධිමත් වර්ධනයට බාධා කිරීමේ ඇමරිකානු උත්සාහය අසාර්ථක වෙයි
2021-04-03 19:00:08
Share with:

පැරණි ක්‍රමය භාවිතයෙන් චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධිමත් වර්ධනයට  බාධා කිරීමේ ඇමරිකානු උත්සාහය අසාර්ථක වෙයි_fororder_src=http___zkres2.myzaker.com_202104_606715ffb15ec02d96342e6d_1024&refer=http___zkres2.myzaker

පැරණි ක්‍රමය භාවිත කිරීමෙන් චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධිමත් වර්ධනයට  බාධා කිරීමේ ඇමරිකානු උත්සාහය අසාර්ථක වෙයි.

ඇමරිකානු රාජ්‍ය මණ්ඩලය මෑතකදී හොංකොං ප්‍රතිපත්ති පනත නමැති වාර්තාව කොංග්‍රසයට ඉදිරිපත් කළේය. චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයට විශේෂ සැලකීම් අහිමි වන බව එම වාර්තාවෙන් යළි ප්‍රකාශ කෙරිණ. නව ඇමරිකානු රජය, කලින් පැවති රජයේ වැරදි ක්‍රියාවන් අඛණ්ඩව තවදුරටත් අනුගමනය කරමින් චීන අභ්‍යන්තර කටයුතුවලට විවෘතව මැදිහත් වෙයි.

එම වාර්තාව තුළින් චීනය වෙත එල්ල කළ අපහාස සම්පූර්ණයෙන්ම පැරණි කියමන් වන අතර ඒවාට කිසිදු සත්‍යයක් පදනම් වී නැත. හොංකොං ප්‍රශ්නය ‍ප්‍රයෝජනයට ගෙන චීන වර්ධනයට බාධා කිරීම, ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයන්ගේ සැබෑ අරමුණ බවට පත් වී තිබේ. දිගුකාලීනව හොංකොං විශේෂ පරිපාලන කලාපයෙන් ඇමරිකාවේ විශාලතම වෙළඳ භාණ්ඩ අතිරික්තය ගෙන එයි. එමෙන්ම හොංකොං, ඇමරිකානු ව්‍යවසායන්ට චීන වෙළඳපොලට ප්‍රවේශ වීමේ වැදගත් මාර්ගයක් බවට පත් වී ඇත. හොංකොංහි අවුල් තත්වයක් නිර්මාණය කිරීමෙන්, ඇමරිකානු වෙළඳ අසමතුලිතතාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට හා ඇමරිකානු ව්‍යවසායන්ගේ දිගුකාලීන සංවර්ධනයට කිසිදු වාසියක් ලැබිය නොහැකි ය.

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය වර්තමාන ජයග්‍රහණ ලබා ගෙන ඇත්තේ විදේශ රටවල පරිත්‍යාග හා පුණ්‍ය කටයුතු වෙනුවට හොංකොංහි වැසියන් පාරම්පරිකව ගත් උත්සාහයන් හා මව්රටට සම්බන්ධ වීමේ විශාල වාසිය මගින් ය. කිසිදු තර්ජනයකින් හෝ සම්බාධකයකින් හොංකොං හි සමෘද්ධිමත් වර්ධනයට බාධා කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන