ෂින් ජයං හි සමෘද්ධිය හා ස්ථාවරත්වය, චීනයට එරෙහි බටහිර රටවල කුමන්ත්‍රණ අතුගා දමයි
2021-04-02 21:01:29
Share with:

අද (02) චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනි ජාලය ෂින් ජයං පිළිබඳව නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටයක් විකාශය කර තිබේ. එම වාර්තා චිත්‍රපටයේ මාතෘකාව වන්නේ “THE WAR IN THE SHADOWS Challenges of Fighting Terrorism in Xinjiang ”යන්නයි. චීන රජය ෂින් ජයං ප්‍රදේශයේ ත්‍රස්තවාදය ඵලදායී ලෙස මර්දනය කරමින් එහි ජනතාවගේ මූලික අයිතීන් උපරිමයෙන් ආරක්ෂා කර ඇති බවත්, ෂින් ජයං හි චීන රජය අනුගමනය කරන ප්‍රතිපත්ති නිත්‍යානුකූල හා අත්‍යවශ්‍ය බවත්, එම වාර්තා චිත්‍රපටය නරඹන කෙනෙකුට වැටහේ.

බටහිර රටවල් ඇති කර ගත් ෂින් ජයං ප්‍රශ්නය මානව හිමිකම්, ජාතීන් හා ආගම් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ත්‍රස්තවාදය හා බෙදුම්වාදය මර්දන කිරීමේ ප්‍රශ්නයක් බව කිව යුතු ය. බාහිර බලවේගයන්හි බලපෑම් යටතේ 1990ත් 2016ත් අතර කාලයේ චීනයේ ෂින් ජයං හි දහස් සංඛ්‍යාත ප්‍රචණ්ඩ හා ත්‍රස්ත ප්‍රහාර සිදු වූ බව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. විදේශීය ත්‍රස්තවාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ බලපෑම්වලට ලක් වූ ඇතැම් ෂින් ජයං වැසියන් වෘත්තීය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු කරවීම, චීන රජය ෂින් ජයං හි ත්‍රස්ත මර්දනය කිරීමේ වැදගත් පියවරකි. බොහෝ අය එම මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබා යළි සමාජගත වී තිබෙන්නේ නව ජීවිතයක් ආරම්භ කරමිනි.

චීන රජය ගත් ඵලදායී පියවර හේතුවෙන් ගෙවී ගිය සිව්වසර තුළ ෂින් ජයං හි කිසිදු ප්‍රචණ්ඩ හෝ ත්‍රස්ත සිද්ධියක් වාර්තා වී නැත. චීනයේ සෙසු ප්‍රදේශ මෙන් ෂින් ජයං ද ආර්ථික හා සමාජීය වශයෙන් සංවර්ධනය වෙමින් පවතී. සමෘද්ධිමත් හා ස්ථාවර ෂින් ජයං ප්‍රදේශය චීනයට එරෙහි බටහිර රටවල කුමන්ත්‍රණ අතුගා දමා තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන