පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලේ දී භාර ගනී.
චීනය පරිත්‍යාග කළ එන්නත් තොගය ඊයේ (31) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ලඟා වී ඇත. එහි පැවති එන්නත් පිළි ගැනීමේ උත්සවයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කළේ නව කොරොනා වසංගතය මර්දනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතා පැවැත්වීමේදී චීන නායකයන් හා ජනතාව ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරන බවයි.
මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති Qi Zhenhong මහතා ප්‍රකාශ කළේ එම එන්නත් තොගය මගින් දෙරටේ ජනතාව අතර පවතින ගැඹුරු සහෝදර මිත්‍රත්වය යළි පිළිබිඹු වූ බවයි. එමෙන්ම, එකමුතුව හා සහයෝගිතා පැවැත්වීම, හැකි ඉක්මනින් වසංගතය මර්දනය කර පොදු ඉරණමක් සහිත මානව සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමට අනිවාර්ය බව හෙතෙම එහිදී සඳහන් කළේය.
එම එන්නත් පිළි ගැනීමේ උත්සවයට එක්වූ ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,චීනය ශ්‍රී ලංකාවට එන්නත් පරිත්‍යාග කිරීම දෙරටේ මිත්‍රත්වයේ තවත් වැදගත් සංකේතයක් බවයි.