ෂින් ජයං ස්වායත්තයේ මානව හිමිකම් උපයෝගී කර ගැනීමේ ඇමරිකාවේ යටි අරමුණ ගැන රුසියාවෙන් මතයක්
2021-03-30 10:16:12
Share with:

චීනයේ ෂින් ජයං ස්වායත්තයේ මානව හිමිකම් උපයෝගී කරගෙන ඇමරිකාව චීනය මර්දනය කිරීමේ චේතනාව සම්බන්ධයෙන් පසුගිය දා “ Russia Today ” අන්තර්ජාල වෙබ් අඩවිය මතයක් පළ කර තිබේ.“චීන මුස්ලිම් ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ ඇමරිකාවේ ව්‍යාජ සැලකිල්ලට දක්වන එකම ප්‍රතිචාරය විය යුත්තේ සිනාසෙමින් සමච්චල් කිරීමයි”යනුවෙන් එම මතය වී ඇත.

ඇමරිකාව සිය රටේ උග්‍ර වෙමින් පවතින වර්ගවාදය නොතකා සිය රටට ඉතා දුරින් සිටින චීනයේ ෂින් ජයං මුස්ලිම් ජනතාව පිළිබඳව මෙතරම් සැලකිල්ලෙන් සිටින්නේ ඇයි ? ලෝකයේ මුස්ලිම් තහනමක් නිකුත් කරමින් මුස්ලිම්වරුන්ට ප්‍රසිද්ධියේ වෙනස් කොට සලකන සහ හිංසා පීඩා කරන එකම රට වන්නේ ඇමරිකාවයි. ත්‍රස්ත මර්දනය මුලාවෙන් ඇෆ්ගනිස්ථානය, සිරියාව හා ඉරාකය වැනි රටවල යුද්ධ ඇති කරමින් කෝටි ගණනක් මුස්ලිම් ජනතාව අවතැන් කළේ ද ඇමරිකාවයි. ‍කොරොනා වසංගතය හමුවේ ඉරානය ඇතුළු මුස්ලිම් රටවලට අඛණ්ඩව අධික පීඩන එල්ල කරමින් එම රටවල ආර්ථිකය බිඳ දැමීමට කටයුතු කළේ ද ඇමරිකාවයි.

ඇමරිකාව මුස්ලිම්වරුන්ට අතිශයින් අගෞරව කරන නමුත් චීනයේ ෂින් ජයං හි මුස්ලිම්වරුන් කෙරෙහි “අසාමාන්‍ය සැලකිල්ලක්” දක්වා ඇත. මෙම අසාමාන්‍ය සැලකිල්ල පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය පැහැදිලිව පෙනේ. ඇමරිකාවට සැබවින්ම අවශ්‍ය වන්නේ ෂින් ජයං කපු රෙදිපිළි කම්කරුවන්ගේ රැකියා බිඳ දැමීම, ෂින් ජයං අස්ථාවර කිරීම සහ චීනයේ සංවර්ධනයට බාධා කිරීමයි. ඇමරිකාවේ හිටපු යුධ හමුදා කර්නල් Lawrence Wilkerson වරක් ප්‍රසිද්ධියේ පළ කළ මතයක් අපට මතක ය.  ඊනියා ෂින් ජයං උයිගුර් ප්‍රශ්නය ඇමරිකාව විසින් චීනය අවුල් කිරීමට හා පාලනය කිරීමට යොදන ලද උපාය මාර්ගික කුමන්ත්‍රණයක් මිස අන් කිසිවක් නොවන බව එම මතය වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන