අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුත්තේ කෙසේ ද ?
2021-03-22 16:03:52
Share with:

නවීන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් විවිධ කාලවලදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. නව ලෝකයට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව ඉදිරියට ගෙනයාමයි ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ. එහිදී අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අවධානය යොමුව තිබීම විශේෂයෙන් සැලකිය යුතුයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද මේ පිළිබඳව මෑතක දී අදහස් පළ කරමින් කියා සිටියේ නව ලෝකයට ගැලපෙන අයුරින් අධ්‍යාපනය සකස් විය යුතු බවයි.

මේ කරුණු සියල්ල ගැන අවධානය යොමු කරමින් අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතු බවට යෝජනා ඉදිරිපත්ව තිබෙන අතර නව අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා මූලික කරගත් කරුණු කිහිපයකින් යුක්ත විය යුතු බවයි එම යෝජනාවන් ගෙන් කියවෙන්නේ. ජාතික සංවර්ධනයට ක්‍රියාශීලිව දායක විය හැකි පුද්ගලයෙකු වීම ඉන් ප්‍රධානයි. මෙය වෘත්තියමය වශයෙන් විවිධ විය හැකියි. එහෙත් ඔහු ජාතික සංවර්ධනයට ක්‍රියාකාරීව වැදගත් වන්නෙකු විය යුතුය. 

කාර්යක්ෂම සේවකයෙකු වීම දෙවැනි අරමුණ ලෙසට නව අධ්‍යාපනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන කරුණක්. ඔහු තමන් ලබාගන්නා වැටුපට සාධාරණ සේවාවක් කැපවීමෙන් ඉටු කරන්නෙක් බවට පත්කළ යුතු අතර එසේ නොමැති නම් තම ව්‍යාපාරය හෝ රැකියාව නිසි පරිදි සැලසුම් සහගතව කරන්නෙක් බවට පත් කිරීම ඉන් අපේක්ෂා කෙරෙනවා.

රටට ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීමත් ඉන් ප්‍රකාශ කෙරෙන ඉතා වැදගත් කරුණක්. නිසි අධ්‍යාපනයක් ලබන පුරවැසියෙකු තුළින් මතුවිය යුතු ප්‍රධාන කාරණයක් විය යුත්තේ ඔහු රටට ආදරය කරන අයෙකු බවට පත්වීමයි.

මෙම කරුණු වලින් ‍අපේක්ෂා කරන සමාජයට වැඩදායී පුද්ගලයෙකු බිහි කිරීම මගින් සතුටින් ජීවත්වන පවුලක් බිහි කිරීම යන අරමුණ ඉටු කර ගැනීමට විශාල ශක්තියක් ගෙන දෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන