චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය අවසන් වේ
2021-03-20 14:57:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, ‍මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂ යං ජේචී මහතා, රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්  Antony Blinken හා ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු සහකාර Jake Sullivan යන මහත්වරුන් අතර සංවාදය පසුගිය 18 හා 19 දෙදින තුළ ඇමරිකාවේ Anchorage නගරයේදී පැවැත්විණ. එම සංවාදය කාලෝචිත, යහපත්, අන්‍යෝන්‍ය අවබෝධයට හිතකර එකක් බව දෙපාර්ශ්වය ම අදහස් කරති.

චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය අවසන් වේ_fororder_TIM截图20210320144001

පසුගිය වසර කිහිපය තුළ චීනයේ සාධාරණ අයිතීන් අහේතුක මර්දනයට මුහුණ දුන්නේය. චීන ඇමරිකා සබඳතාව පෙර නොවූ විරූ අසීරුතාවකට ‍ලක් විය. ඇමරිකාව සමග උපක්‍රමීය හුවමාරු හා අන්‍යෝන්‍ය යහපත් සහයෝගිතා පුළුල් කරමින්, මතභේද පාලනය කරමින් ද්විපාර්ශ්වික සබඳතාවය විධිමත් දිශාව කරා ප්‍රවර්ධනය කිරීමට කැමති බව චීනය එම සංවාදයේදී ප්‍රකාශ කළේය.

චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය අවසන් වේ_fororder_TIM截图20210320144112

චීනය හා ඇමරිකාව එකිනෙකාට තර්ජනයක් ලෙස සැලකිය යුතු නොවේ. වසංගත පාලනය, ආර්ථික පුනර්ජීවනය හා දේශගුණික විපර්යාසයට මුහුණ දීම යන වර්තමානයේ ජගත් ප්‍රජාවට අතිශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර තුන සම්බන්ධයෙන් චීනයට හා ඇමරිකාවට සහයෝගිතා පැවැත්විය හැකිය.වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව දෙරටට සම්බන්ධීකරණය ශක්තිමත් කළ හැකි බව ද චීනය පෙන්වා දෙයි.

චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය අවසන් වේ_fororder_TIM截图20210320144301

තායිවාන ප්‍රදේශයේ කටයුතු චීනයේ ස්වාධිපත්‍යයට හා ‍භෞමික අඛණ්ඩතාවට සම්බන්ධ වන නිසා ඒ පිළිබඳව චීනයේ කේන්ද්‍රීය යහපතට හානිකර කිසිදු තීරණයකට නොඑළඹෙන බව චීන පාර්ශ්වය එහිදී ප්‍රකාශ කළේය. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය, චීනයේ ප්‍රාදේශීය මැතිවරණ ක්‍රමයයි. එය සම්පාදනය කරන්නේ කෙසේ ද, වර්ධනය කරන්නේ කෙසේ ද, පරිපූර්ණ කරන්නේ කෙසේ ද යන්න චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. එමෙන්ම ‘ජන සංහාරය’ යන අපරා‍ධ චෝදනාව මෙම සියවසේදී චීනයට එල්ල කළ දැවැන්තම බොරුවයි. අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ පදනම මත ඇමරිකාව සමග අදහස් හුවමාරු කර ගැනීමට චීනය කැමතිය. චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයට පැමිණීම සඳහා විවිධ රටවලට ආරාධනා කිරීමට කැමැත්තෙන් සිටින බව චීන පාර්ශ්වය එම සංවාදයේදී අවධාරණය කර ඇත.

චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය අවසන් වේ_fororder_TIM截图20210320144409

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන