චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය ඇරඹේ
2021-03-19 14:43:27
Share with:

චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය ඇරඹේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, ‍මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂ යං ජේචී මහතා, රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්  Antony Blinken හා ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු සහකාර Jake Sullivan යන මහත්වරුන් අතර සංවාදය ඊයේ(18) ඇමරිකාවේ Anchorage නගරයේදී පැවැත්විණ.

ඇමරිකානු පාර්ශ්වයේ ආරම්භක දේශනයෙන් අනතුරුව යං ජේචී මහතා දේශනයක් සිදු කළේය. වසංගත පාලනය, ආර්ථික පුනර්ජීවනය හා දේශගුණික විපර්යාසයට මුහුණ දීම යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර පොදු ප්‍රතිලාභ රැසක් පවතී. ඇමරිකාව ජාතිකාරක්ෂක සංකල්පය අයුතු ලෙස භාවිත කරමින් දෙපාර්ශ්වය අතර විධිමත් වෙළඳ හුවමාරුවලට අතපෙවීමට චීනය බලාපොරොත්තු නොවන බව ඔහු කීය. තායිවාන ප්‍රදේශය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, ෂින්ජියං උයිගුර් ස්වායත්තය, චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි කොටස්ය. ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම කෙරෙහි චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර  ඊට ස්ථිර ප්‍රතිචාර දක්වනු ඇත. ඉහල ස්ථාවරයක හිඳිමින් චීනය සමග කතා බහ කිරීමේ සුදුසුකමක් ඇමරිකාවට නොමැත. චීනය එය පිළි නොගනී. චීනය සමග ඇසුරු කළහොත්, එය සිදු කළ යුත්තේ අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ පදනම මත ය.

ඉතිහාසයේදී ඇමරිකාව සමග සතුරු වීම් හා විරුද්ධ වීම් හට ගත් අවස්ථා වලදී චීනය පරාජයට පත් වී නොමැත. එහෙත් එබඳු එදිරිවාදිකම්වලින් ඇමරිකාවට කිසිදු වාසියක් ලැබී නොමැති බව සත්‍ය කරුණු වලින් ඔප්පු වී තිබේ. චීනය හා ඇමරිකාව, එකිනෙකට විරුද්ධ නොවී අන්‍යෝන්‍ය ලෙස ගරු කරමින් පොදු ජයග්‍රහණ දිනා ගත යුතු බව, චීනයේ ෂී ජින්පිං ජනාධිපතිවරයා පවසා ඇත.  එවැනි ස්ථාවරයක් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශ්වය දෙරටේ නායකයන්ගේ එම පොදු එකඟතාව අනුගමනය කරමින් ද්විපාර්ශ්වික සබඳතාව විධිමත් මාර්ගයට ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ දැරිය යුතු බව යං ජේචී මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන