හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය පූර්ණ කිරීමේ තීරණ කෙටුම්පත කාලීන අවශ්‍යතාවකි
2021-03-05 16:19:55
Share with:

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද (05) ආරම්භ විය. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය පූර්ණ කිරීමේ තීරණ කෙටුම්පත සාකච්ඡා හා පරීක්ෂණයට ලක් කිරීම එහි ප්‍රධාන කාර්යයකි. මෑත වසරවල ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයන්ගේ සහය යටතේ හොංකොංහි ආරක්ෂක තත්ත්වය උග්‍ර වී තිබේ. බෙදුම්වාදීන් ඇතුළු චීනයට සතුරු බ‍ලවේග නියෝජනය කරන පුද්ගලයන් හොංකොංහි වත්මන් මැතිවරණය ක්‍රමයේ පවතින දෝෂ උපයෝගී කර ගනිමින් හොංකොංහි පරිපාලන පද්ධතියට පිවිස ඇත. ඔවුන් එම පද්ධතිය මගින් හොංකොංහි ආරක්ෂාව හා ස්ථාවරත්වයට විශාල වශයෙන් හානි සිදු කර තිබේ.

හොංකොං චීනයේ ප්‍රදේශීය පරිපාලන කලාපයකි. එහි මැතිවරණ ක්‍රමය පූර්ණ කිරීම සිදු කළ යුත්තේ චීන මධ්‍යම රජයේ ප්‍රමුඛත්වයෙනි. චීන ජාතික මහජන කොංග්‍රසය රටේ ඉහළම පරිපාලනය වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව හොංකොංහි මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම, බලයක් මෙන් ම වගකීමකි. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය පූර්ණ කරන්නේ හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වඩාත් විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම වෙනුවෙනි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන