රජය වී මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක සංචිතයක් තබා ගැනීමට අපේක්ෂා කරයි
2021-02-23 17:52:09
Share with:

වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 83 දහසක මුදලක් වෙන් කර තිබේ. මේ යටතේ රජය වී මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක සංචිතයක් තබා ගැනීමට අපේක්ෂා කරන බව මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පවසයි.

ගොවීන්ට සහතික මිලක් ලබා දීම රජයේ අපේක්ෂාවයි. පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට සහල් ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කරන බව ඇමතිවරයා කියයි.

ඇතැම් පෞද්ගලික මෝල් හිමියන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් වී මිලදී ගැනීමට සූදානමින් සිටී. එමගින් සිදුවන්නේ පාරිභෝගිකයාට ඉහළ මිලකට සහල් ලබා ගැනීමට සිදුවීම බව ද ඇමතිවරයා කියයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන