සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්
2021-02-23 17:50:57
Share with:

සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ සඳහා දැනටමත් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ද සකස් කර තිබේ. ඊට ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිව ඇතැයි ඇමතිවරයා පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද ඇමතිවරයා විසින් පත් කර තිබේ. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා එම කමිටුවේ සභාපති වරයායි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන