චීන ජනාධිපතිවරයා හා කිර්කිස්ථාන ජනාධිපතිවරයා අතර දුරකථන සංවාදයක්
2021-02-23 10:58:46
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා කිර්කිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතා අතර දුරකථන සංවාදයක් පැවැත්වෙයි. සංවාදය ඊයේ(22) රාත්‍රී පැවැත්විණ.

චීනය හා කිර්කිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත වූ වසර 29 තුළ, දෙරට අතර සබඳතා ජාත්‍යන්තර වෙනස්කම් පිළිබඳ පරීක්ෂණයට ඔරොත්තු දී, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධන වේගයක් පවත්වා ගන්නා බව ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය. සිය රටේ කේන්ද්‍රීය ප්‍රතිලාභ වලට අදාළ ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය එකිනෙකාට දැඩි ලෙස අනුබල දෙමින්, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩ නැගීම තුළින්, සරුසාර ප්‍රගතීන් ලබා ගෙන ඇත. චීන ව්‍යවසායයන් කිර්කිස්ථානයට ගොස් ආයෝජනය කිරීම, චීනය දිරිමත් කරන බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. එරට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කෘෂි නිෂ්පාදිතයන් චීනයට අපනයනය කිරීම පුළුල් කිරීම චීනය පිළි ගනී. එමෙන් ම, කිර්කිස්ථානය නව කොරොනා වසංගත පාලනයට සහායක් ලබා දෙමින්, COVID-19 එන්නත ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල සහයෝගිතා ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

තම රටේ ආර්ථික සංවර්ධනය වෙනුනේ චීනය ලබා දුන් පිටුබලය හා නව කොරොනා වසංගත පාලනයට දැක්වූ සහාය පිළිබඳව කිර්කිස්ථානය චීනයට ස්තුතිවන්ත වන බව Japarov ජනාධිපතිවරයා කියා සිටියේ ය. චීනය සමග, පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩ නැගීම ඉදිරියට මෙහෙයවීමට කිර්කිස්ථානය කැමැත්තෙන් සිටී. ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, චීන ජනතාවට වඩාත් දැවැන්ත ජයග්‍රහණය ලබා ගත හැකි වන බවට Japarov ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන