මානවයාට අජටාකාශය සාමකාමී ලෙස භාවිත කිරීම සඳහා චීනය වඩාත් කැප වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (22) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී Chang 'e-5 චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියට එක් වූවන් හමු වූ අවස්ථාවේදී ය. Chang 'e-5 චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ඉහළින් අගය කරමින් ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ මානවයා අජටාකාශය සාමකාමී ලෙස භාවිත කිරීම වෙනුවෙන් චීනයේ අජටාකාශ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි. ඒ සඳහා රටේ නව ආකාරයේ පරිපාලන ක්‍රමය උපයෝගී කර ගනිමින් විද්‍යා තාක්ෂණ ප්‍රගතිය නොකඩවාම ඉදිරියට ගෙන යමින් පියවරෙන් පියවර අජටාකාශ ගවේෂණ ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. එම හමුවීමෙන් පසු චන්ද්‍ර පාෂාණ සාම්පල් ඇතුළු Chang 'e-5 චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ ජයග්‍රහණ ප්‍රදර්ශනයට චීන ජනාධිපතිවරයා එක් විය. අග්‍රාමාත්‍ය ලි ක ච්‍යාං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ එම අවස්ථාවට එක් වූහ.
චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය රටේ ආර්ථික හා විද්‍යා තාක්ෂණික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැදගත් ව්‍යාපෘතියකි. මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ චීනය චන්ද්‍ර ගවේෂණ 6ක් සාර්ථක ව සිදු කර ඇත.