පැරිස් ගිවිසුමට යළි එක් වන ඇමරිකාවට ප්‍රායෝගික ක්‍රියාවන් සිදු කළ යුතු
2021-02-20 20:14:13
Share with:

පැරිස් ගිවිසුමට යළි එක් වන ඇමරිකාවට ප්‍රායෝගික ක්‍රියාවන් සිදු කළ යුතු_fororder_rBABCmAw76SADxF3AAAAAAAAAAA383.830x467.348x196

පැරිස් ගිවිසුමට යළි එක් වන ඇමරිකාවට ප්‍රායෝගික ක්‍රියාවන් සිදු කළ යුතු ය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඊයේ(19) ප්‍රකාශ කළේ ඇමරිකාව නිල වශයෙන් ගෝලීය දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා වන පැරිස් ගිවිසුමට යළි එක් වන බවයි. එය පිළි ගනිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා, ඇමරිකාව යළි එක් වීමෙන් පැරිස් ගිවිසුම යළි සමූහයක් බවට පත් වන බව අවධාරණය කළේය.

ට්‍රම්ප් රජය තිබූ කාලයේ ප්‍රධාන ගෝලීය හරිතාගාර වායූ විමෝචන රටක් වන ඇමරිකාව පැරිස් ගිවිසුමට එක් වන රටවල් 190ක් අතරින් ගිවිසුමෙන් ඉවත් වූ එකම රට බවට පත් විය.  මේ වන විට Biden රජයේ ප්‍රධානත්වයෙන් ඇමරිකාව යළි පැරිස් ගිවිසුමට එක්ව සිටී. එ‍හෙත් පැරිස් ගිවිසුම ක්‍රියාවට නැංවීම, එම ගිවිසුම ඇමරිකාවේ පක්ෂ දෙකේ ගැටුම්වල ගොදුරක් බවට පත් වීම වැළැක්වීම හා දේශගුණය පිළිබඳ ඇමරිකාවේ ප්‍රතිපත්තියේ අඛණ්ඩතාව සහතික කිරීම ඇතුළු විවිධ ප්‍රශ්න වලට Biden රජය මුහුණ දී සිටී.

දේශගුණ විපර්යාස ප්‍රශ්නය, ඇමරිකාවේ ගෝලීය ප්‍රධානත්වය යළි ස්ථාපිත කිරීමේ වැදගත් ක්‍රමයක් ලෙස Biden රජය සලකයි. ඇමරිකාව පෙර පරිදි බහුපාර්ශ්වාදය මුවාවෙන් ඒකපාර්ශ්විකව ක්‍රියා කිරීමෙන්  ගෝලීය ප්‍රධානත්වය යළි ස්ථාපිත කළ නොහැකි ය.

දේශගුණ අභියෝගයට මුහුණ දීමේදී, පොදු සාකච්ඡාව කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වාදය අනුගමණය කිරීමෙන් පමණක් අන්‍යෝන්‍ය වාසිය හා පොදු ජයග්‍රහණය ලබා ගත හැකි ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන