චීන-යුරෝපා වෙළඳ සම්බන්ධතාවන්හි සුබවාදී වර්ධනයක්
2021-02-19 20:34:29
Share with:

2020 වසරේ චීනය පළමු වරට ඇමරිකාව අභිබවමින් යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් වී ඇතැයි පසුගිය දා යුරෝපා සංගමයේ සංඛ්‍යා ලේඛන අංශය නිකුත් කළ දත්තවලින් හෙළි වෙයි. එම වසරේ යුරෝපා සංගමය චීනයෙන් ආනයනය කළ භාණ්ඩ 2019 වසරට වඩා 5.6%කින් ද චීනයට අපනයනය කළ භාණ්ඩ 2019 වසරට වඩා 2.2%කින් ද වර්ධනය වූ බව එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි. 2020 වසරේ චීනය සාර්ථක ව කොරොනා වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව චීන ආර්ථිකය සීග්‍රයෙන් පුනරුත්ථාපනය වී තිබේ. ඒ සමග ම චීනයේ ආනයනය හා අපනයනය ප්‍රබල ලෙස වර්ධනය වී ඇත. එවන් පසුබිමක් යටතේ කොරොනා වසංගතය හමුවේ වුව ද චීන-යුරෝපා වෙ‍ළඳාම සැලකිය යුතු ආකාරයට වර්ධනය වී තිබේ.

චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් වීමට තවත් සාධක කිහිපයක් පවතී. 2020 වසරේ චීනය විදේශ වෙළඳාම ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති රැසක් අනුගමනය කළේ ය.පසුගිය සැප්තැම්බර් මාසයේ චීනය හා යුරෝපා සංගමය " චීන-යුරෝපා සංගම් භූගෝලීය සලකුණු ගිවිසුම " අත්සන් කළේ ය. එමගින් දෙපාර්ශ්වයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කෘෂි නිෂ්පාදිත එකිනෙකාගේ වෙළඳපොලවලට පිවිසීමට අවකාශ සැලසී තිබේ. මෑත වසරවල චීන-යුරෝපා වෙළඳ සම්බන්ධතා පවතින්නේ ස්ථාවර මට්ටමකයි. වසර 2019 වන විට යුරෝපා සංගමය වසර 16ක් තිස්සේ චීනයේ විශාලම වෙළඳ හවුල්කරුවා බවට පත්වී තිබෙන අතර චීනය වසර 15ක් තිස්සේ යුරෝපා සංගමයේ 2වැනි විශාලම වෙළඳ හවුල්කරුවා වී ඇත. මෙය, දෙපාර්ශ්වය අතර වෙළඳ සම්බන්ධතා වඩාත් ශක්තිමත් වීමේ වැදගත් සාක්ෂියකි.

චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් වීමෙන් පසු එය ද්විපාර්ශ්වික වෙළඳ සහයෝගිතාව සඳහා වඩාත් සුබවාදී තත්ත්වයක් නිර්මාණය වනු ඇත. යුරෝපා සංගමයේ ව්‍යවසායන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් කියා සිටින්නේ චීනයේදී ආයෝජනය වැඩි කිරීමට කැමති වන බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන