උදා වූ වසන්ත කාලය
2021-02-12 16:13:38
Share with:

චීනයේ විවිධ අසීරුතාවන් ගෙන් සිටින ජනතාවට මනා ජීවිතයක් ගෙන දෙන්නේ කෙසේ දැයි චීන ජනාධිපතිවරයා හැමවිට ම අවධානය යොමු කරන කරුණක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රාදේශීය නිරීක්ෂණ සංචාර 80කට වැඩි සංඛ්‍යාවක් සිදු කළා. හෙතෙම චීනයේ සියලු කලාපීය වශයෙන් පවතින අන්ත දිළිඳු ප්‍රදේශ වලට ගෙස් ගම්මාන දස ගණනාවක් නිරීක්ෂණය කළා. 

2013 වසරේ නොවැම්බර් මාසයේ ෂී ජින් පිං මහතා චීනයේ සියාංසී ටුජියා ජාතික හා මියෝ ජාතික ස්වායත්තයේ ගම්මානයක සංචාරය කළා. එහි වෙසෙන අන්ත දිළිඳු පවුලක තත්ත්වය දැන ගැනීම සඳහා පැමිණි ෂී ජින් පිං මහතා එම පවුලේ වැඩිහිටි කාන්තාවක් වන Shi Pazhuan මහත්මිය හමු වුණා.

පැමිණි කෙනා චීන ජනාධිපතිවරයා බව නොදත් Shi මහත්මිය මේ කවුද යැයි ෂී ජින් පිං මහතාගෙන් ඇසුවා. ඊට පිළිතුරු දුන් ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ මම ජනතාවගේ සේවකයෙක් බවයි. එම කථාව මාධ්‍ය හරහා නිකුත් කිරීමෙන් පසු බොහෝ ජනතාව ඉන් හැඟුම් බරවුණා.

Shi Pazhuan මහත්මිය වෙසෙන ගම්මානය මියෝ ජාතික ගම්මානයක්. කඳු අතර පිහිටි මෙම ගම්මානය දැඩි ස්වභාවික පරිසරය හේතුවෙන් එහි ජීවිත පහසුකම් ඉතා දුර්වල යි. 2013 වසරේ සමස්ත ජනගහණය දහසකට අඩු මෙම ගම්මානයේ දිළිඳු ජනගහණය අඩකට වැඩි පිරිසක් හිටියා. ඒක පුද්ගල වාර්ෂික ආදායම යුවාන් 1600 පමණ.

එම අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා එහි ජනතාවට නියමිත ආකාරයෙන් දරිද්‍රතාවෙන් නිදහස් කිරීමේ ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා. ප්‍රායෝගික වශයෙන් ගැලපෙන පියවර යොදා ගෙන වගා කල යුත්තේ මොනවා ද කොහො ම ද ආදායම් වැඩි කරන්නේ කියා නිසි ලෙස කල්පනා කළ යුතු යැයි හෙතෙම උපදෙස් දුන්නා.

එම ගම්මානයට තම ප්‍රදේශයට ගැලපෙන ගුණංග මත සංවර්ධනය කර 2017 වසරේ දිළිඳු ගම්මාමන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හැකි වුණා. 2020 වන විට, එහි ඒක පුද්ගල වාර්ෂික ආදායම යුවාන් 18 දහසකට වඩා වැඩි වුණා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන