කෘෂි කර්මාන්තය ප්‍රමුඛ කර ගත් ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව ගත් තවත් ප්‍රායෝගික පියවරක්...
2021-02-08 14:56:48
Share with:

ඖෂධ හා කෘෂි නිෂ්පාදිත ඇතුළු භාණ්ඩ ස්වයං යැපීමක් වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටිනවා. ඉදිරි වසර පහ ඇතුලත වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන සියළුම ඖෂධ දිවයින තුළ නිපදවීමට පියවර ගෙන තිබෙනවා. අනතුරුව කෘෂි නිෂ්පාදන ආනයනය හැකිතාක් අවම කිරීමේ අරමුණෙන් යුක්තව, කෘෂි කර්මාන්තය ප්‍රමුඛ කරගත් ආර්ථික රටාවක් ගොඩනැගන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කෘෂි-ප්‍රමුඛ ආර්ථිකය සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළේ පදනම බව ද අවධාරණය කර තිබෙනවා. මෙවන් ප්‍රකාශ කීපයකින්, ආනයන නිෂ්පාදිතයන් මත යැපීමෙන් නිදහස් වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැඩි අධිෂ්ඨානය පැහැදිලිවම අනාවරණය වුණා.

වත්මන් රජය දැක්වූ අධිෂ්ඨානය පමණක් නොව, එහි කාර්යක්ෂමතාවත් සැලකිල්ලට ලක් විය යුතුයි. උතුරු මැද පළාත් මහ ඇළෙහි කිලෝමීටර් 28ක් දිග වාරි උම‍ඟේ ඉදි කිරීම පසුගිය 5 වනදා අනුරාධපුරේ ආරම්භ වුණා. එම වාරි උමඟ මගින් උතුරු මැද පළාතේ වාරි පද්ධතිය මෙන්ම  එහි ජල සම්පත් භාවිත කිරීමේ හැකියාවත් ඉහල නැංවීමට අපේක්ෂා කෙරෙනවා. ඉදි කිරීමෙන් පසු එය ශ්‍රී ලංකාවේ දිගම උමඟ වනු ඇති අතර ප්‍රාදේශීය කෘෂි සංවර්ධනය හා ජන ජීවිතය යහපත් වීමට එය වැදගත් රුකුලක් වනු ඇතැයි ද අපේක්ෂිතය.

මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වන අදාල ව්‍යාපෘතියේ ඉදි කිරීම භාර ගෙන ඇත්තේ චීනයේ  CSCEC සමාගමයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතාව සපුරාලී‍ම සඳහා චීනය හා ශ්‍රී ලංකාව පවත්වන තවත් වැදගත් සහයෝගතාවක් ලෙස මෙය සැලකිය හැකියි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන