චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනිය සිදු කළ කාර්ය වාර්තාවට සවන් දෙයි
2021-01-27 20:27:29
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(27) සවස වීඩියෝ ආකාරයෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනි Carrie Lam Cheng Yuet-ngor මහත්මිය සිදු කළ කාර්ය වාර්තාවට සවන් දුන්නේය.

නව කොරොනා වසංගතය මතු වී වසරකට වැඩි කාලයක් ගතවී ඇත. උපරිම විවෘත ජාත්‍යන්තර නගරයක් වන හොංකොං, ඉන් දැඩි බලපෑමකට ලක් වූ බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේ පැවසීය. හොංකොං වැසියන්ගේ ජීවිත ආරක්ෂාව හා සෞඛ්‍යයට ඉන් දැවැන්ත තර්ජනයක් එල්ල වූ අතර එහි  රාජකාරී හා ජන ජීවිතයට ගැටළු රැසක් ඇති වූ බැවින් තමා දැඩි කණස්සල්ලට ලක් වූ බව ද ජනාධිපතිවරයා පැවසීය. මධ්‍යම රජය හැකි සෑම ආකාරයකින්ම හොංකොං කලාපයේ වසංගත පාලනයට පූර්ණ අනුබල ලබා දෙනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

Carrie Lam Cheng Yuet-ngor මහත්මියගේ කාර්යයන් පිළිබඳව ෂී ජින්පිං මහතා පූර්ණ ලෙස ප්‍රශංසා පළ කළේය.

පසුගිය කාලයේ හොංකොංහී  හට ගත් නොසන්සුන්තාවය හා එය සමනය වීම තුළින්, ඉතා වැදගත් ගැඹුරු සත්‍යයක් අනාවරණය වූ බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. එක රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය ස්ථිරව ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතුය. දේශප්‍රේමීන් විසින් හොංකොං කලාපය පාලනය කරනු ලැබිය යුතු ය. එය රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව, සංවර්ධන යහපත හා හොංකොංහි තිරසර සමෘද්ධියට අදාල වන ප්‍රධානතම මූලධර්මය බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන