ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරියට කොරොනා වෛරසය ආසාදනය වෙයි
2021-01-23 16:18:49
Share with:

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරියට කොරොනා වෛරසය ආසාදනය වෙයි_fororder_pavithra-wanniarachchi

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවසේ නිරෝධායනය වීමට තීරණය කර ඇති බව සඳහන් ය.

මේ වනවිට අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය වූ බව තහවුරු වී තිබේ. එලෙස ආසාදනයට ලක්ව ඇත්තේ වාසුදේව නානායක්කාර අමාත්‍ය වරයාට , දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ට  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටයි.

කොරොනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට පූර්ණ සුවය ලබා සිය නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන