පළමු එන්නත් තොගය ජනවාරි 27 දා මෙරටට
2021-01-23 16:19:32
Share with:

පළමු එන්නත් තොගය ජනවාරි 27 දා මෙරටට_fororder_1595252325-Gotabaya_L

පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.කළුතර වලල්ලාවිට පැවති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා  අද (23) මේ බව සඳහන් කළේය.

එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.පළමු තොගය ලෙස එන්නත් හය ලක්ෂයක් (600,000) රැගෙන එන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන