යළි තේරී පත්වූ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනාධිපතිවරයාට, චීන ජනාධිපතිවරයාගෙන් සුභ පැතුම්
2021-01-23 17:05:11
Share with:

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ජනාධිපතිධූරයට යළි තේරී පත් වූ Faustin Archange Touadéra මහතාට චීන ජනාධිපතිවරයා සුභ පැතුම් පිරිනමයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(22) යොමු කළ එම සුභ පැතුම් පණිවුඩයේ සඳහන් වන පරිදි මෑත වසර කිහිපය තුළ චීන-මධ්‍යම අප්‍රිකානු ජනරජ සබඳතාව යහපත් සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා තිබේ. දෙරටේ සබඳතා වර්ධනය ෂී ජින් පිං මහතා ඉහළින් අගය කරයි. ද්විපාර්ශ්වික මිත්‍රශීලි සහයෝගිතා පැවැත්වීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රවර්ධනය කරමින්, දෙරටේ හා ජනතාවගේ සුභසෙත සැලසීමට Faustin Archange Touadéra මහතා සමග උත්සාහ දැරීමට බවට ෂී ජින් පිං මහතා කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන