තවත් රටවල් හා කලාප චීනයේ නව කොරොනා එන්නත් අනුමත කරයි
2021-01-23 21:36:34
Share with:

මෑතකදී, තවත් රටවල් හා කලාප කිහිපයක් චීනයේ නව කොරොනා එන්නත් ලියාපදිංචිය හෝ හදිසි භාවිතය සඳහා අනුමත කර ගෙන  තිබේ.

චීන එන්නත් මගින් මෙම රටවලට සහ කලාපවලට වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සහය හා විශ්වාසය ලබා දෙයි.

සර්බියානු සෞඛ්‍ය ඇමති Zlatibor Lončar මහතා පසුගිය 19වැනිදා, චීනයේ Sinopharm සමූහය විසින් නිෂ්පාදිත එන්නත ලබා ගෙන තිබේ. චීන එන්නත, සර්බියාවේ භාවිතය සඳහා අනුමත කරන ලද නව කොරොනා එන්නත් තුනෙන් එකකි. චීනයේ නිෂ්පාදිත නව කොරොනා එන්නත් පළමු තොගය, පසුගිය 16වැනිදා උදෑසන සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර වෙත ප්‍රවාහන කර ඇති බව හෙතෙම පැවසීය.

අසර්බයිජානය,  එන්නත් ලබා දීමේ පළමු අදියර 18වැනිදා නිල වශයෙන් ආරම්භ කළේය. එරට සෞඛ්‍ය ඇමති Ogtay Shiraliyev  මහතා මුලින්ම චීන එන්නත ලබා ගෙන තිබේ.

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා පසුගිය 13වැනිදා චීන එන්නත ලබා ගෙන ඇත. සියලුම ජනතාවට නොමිලේ එන්නත ලබා දීම, පසුගිය 14වැනිදා ඉන්දුනීසියාව නිල වශයෙන් ආරම්භ කළේය.

බ්‍රසීලය, චිලී, තුර්කිය, පකිස්ථානය, ඉරාකය යන රටවල් ප්‍රකාශ කළේ, චීන එන්නත්වලට හදිසි භාවිතය සඳහා බලපත්‍ර ලබා දෙන බවයි.

පසුගිය 13වැනිදා ජාතික රූපවාහිනිය ඔස්සේ  දේශනයක් සිදු කරමින් පිලිපීන ජනාධිපතිවරයා පැවසුවේ, චීනයේ නව කොරොනා එන්නත මිලදී ගැනීමට පිලිපීන රජය සැලසුම් කරන බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන