වෙළඳපොල ආයතනවල සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිවැරදි හා ඵලදායී සාර්ව පාලන ප්‍රතිපත්තිවල වැදගත්කම චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි
2021-01-23 19:01:15
Share with:

වෙළඳපොල ආයතනවල සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිවැරදි හා ඵලදායී සාර්ව පාලන ප්‍රතිපත්තිවල වැදගත්කම චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා  අවධාරණය කරයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු වන Li Keqiang මහතා, බ්‍රහස්පතින්දා පැවති  විශේෂඥයින්, විද්වතුන් සහ ව්‍යවසායකයින් සහභාගී වූ සම්මන්ත්‍රණයක මුලසුන හොබවමින් මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 14 වන පස් අවුරුදු සැලැස්ම සහ 2035 වර්ෂය සඳහා වන  දිගුකාලීන අරමුණු පිළිබඳ අදහස් විමසීම වෙනුවෙන්  මෙම සම්මන්ත්‍රණය පැවැත්විණ.

COVID-19  වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත්, ලෝක ආර්ථිකය ගැඹුරු වෙනස් කිරීමකට ලක්ව ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා  චීනයේ ආර්ථිකය මුහුණ දෙන අවදානම් සහ අභියෝග අවතක්සේරු නොකළ යුතු බව ද පැවසීය. ආර්ථිකය සුදුසු පරාසයක් තුළ පවත්වාගෙන යාම සහතික කිරීම සඳහාත්, උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහාත් ශක්තිමත් පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටී.

විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් ඉහළ නැංවීම, සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්මික අන්තර්ජාලය වැනි නව තාක්‍ෂණයන් උපයෝගී කර ගැනීම සහ ඉහළ මට්ටමේ විවරයන් පුළුල් කිරීම යන කරුණු ද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන