කොරොනා එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදිත බවට පත් කරන බවට චීනය ලබා දුන් ප්‍රතිඥාව ක්‍රියාවට නැංවෙයි
2021-01-23 17:37:19
Share with:

මේ වන විට ධනවත් රටවල් 49ක් කොරොනා මර්දන එන්නත් මිලියන 39කට වැඩි සංඛ්‍යාවක් භාවිත කර ඇතත් ඌන සංවර්ධිත රටවලට එවන් එන්නත් ලැබී ඇත්තේ 25ක් පමණක් බව පසුගිය දා‍ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom මහතා කණස්සල්ලෙන් පවසා ඇත. බටහිර රටවල් විශාල වශයෙන් කොරොනා එන්නත් මිළදී ගෙන එම එන්නත් ගබඩා කර ගනිමින් සිටී. ඇතැම් ලාභ අපේක්‍ෂා කරන බටහිර එන්නත් නිෂ්පාදන සමාගම් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟහැර ධනවත් රටවලට එන්නත් අලෙවි කරයි. එවන් ක්‍රියාකලාප හේතුවෙන්, එන්නත් මිළදී ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව Tedros Adhanom මහතා පවසයි.

බටහිර රටවල් මෙන් නොව චීනය මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ වගකීම් සහගත රටක් වශයෙනි. සිය කොරොනා එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදිත බවට පත් කරන බවට චීනය වචනවලින් දුන් ප්‍රතිඥාව ක්‍රියාවට ද නංවා ගනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් යුත් කොරානා එන්නත් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට චීනය එක්ව සිටින්නේ එම ප්‍රතිඥාව ඉෂ්ට කිරීමේ අදහසින් ය.

සංවර්ධිත රටවල් විශාල පරිමාණයෙන් ‍කොරොනා එන්නත් මිළදී ගෙන ගබඩා කිරීම හේතුවෙන් බහුතර සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ හැකි එකම තේරීම වන්නේ චීනයේ එන්නත් භාවිත කිරීම ය. මේ වන විට චීනය විසින් නිෂ්පාදිත කොරොනා එන්නත් භාවිතය සඳහා චිලී දේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තුව, ‍ජෝර්දානය, තුර්කිය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය ඇතුලු රටවල් අවසර ලබා දී ඇත. චීනයේ එන්නත්වල සුරක්ෂිතතාව හා ඵලදායීතාව පවතින්නේ ඉහළ මට්ටමක ය. තුර්කිය, ‍ජෝර්දානය, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් යන රටවල රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධියේ චීනයේ එන්නත ලබා ගෙන තිබෙන්නේ එබැවිනි. සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිළකට එන්නත් ලබා දෙන චීනය, ගෝලීය මට්ටමින් ‍එන්නත් සාධාරණ ලෙස බෙදා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන