ඇමරිකාවට ඇති විශාලතම තර්ජනය ‍විදේශ සතුරු බලවේග නොවන බව, එරට ජනමත සමීක්ෂණයකින් හෙළි වෙයි
2021-01-22 20:49:43
Share with:

ඇමරිකාවට ඇති විශාලතම තර්ජනය ‍විදේශ සතුරු බලවේග නොවන බව, එරට ජනමත සමීක්ෂණයකින් හෙළි වෙයි_fororder_7c1ed21b0ef41bd58cc3ac1e05f56ecc38db3d7a

ඇමරිකාවට ඇති විශාලතම තර්ජනය ‍විදේශ සතුරු බලවේග නොවන බව, ඇමරිකාවේ ජනමත විමසීමකට  සහභාගි වූ බහුතර ජනතාව විශ්වාස කරති.

ඇමරිකාවේ ජනමත විමසීමේ ආයතනය හා ඇමරිකානු මාධ්‍ය ඒකාබද්ධව සිදු කළ මත විමසීමට අනුව ඊට සහභාගිවූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් විශ්වාසය කළේ, ඇමරිකානු ජීවන ක්‍රමයට විශාලතම තර්ජනය පවතින්නේ වි‍දේශ සතුරු බලවේගවලින් නොවන අතර ඇමරිකා ජාතිකයින්ගෙන් ම බවයි. විදේශ රටවල් හා එතෙර හමුදා ඇමරිකානු ජීවන ක්‍රමයට තර්ජනයක් ලෙස පවතින බව සියයට 10ක පමණ පිරිසක්  විශ්වාස  කළහ.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(22) පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසුවේ, රටක විශාලතම සතුරා නිරන්තරව එම රටම හෝ රටේ අභ්‍යන්තරව පවතින්නක් බවයි. Joe Biden මහතා ඇමරිකානු ජනාධිපති ධූරයට තේරී පත් වී පැවැත්වූ දේශනයේදී එකමුතුව, පුනර්ජීවනය  කිරීම හා සුව කිරීම අවධාරණය කළේ එම හේතුව නිසා යැයි ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් ක‍ළා ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන