2020 වසරේ චීනය විදේශයන්හි සිදුකළ සෘජු ආයෝජන, 2019ට සාපේක්ෂව 3.3% කින් වර්ධනය වෙයි
2021-01-22 11:15:30
Share with:

2020 වසරේ චීනය සිදුකළ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 132.94 වන අතර එය 2019 වසරට සාපේක්ෂව 3.3% ක වර්ධනයකි.

පසුගිය වසරේ, චීනය සිදුකළ විදේශ ආයෝජන ස්ථාවර ලෙස වර්ධනය වී ඇති අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට සම්බන්ධ රටවලට චීනය සිදුකළ ආයෝජන සහයෝගිතා අඛණ්ඩව දියුණු කර ඇත.

2020 වසරේ, චීන ව්‍යවසායන් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට සම්බන්ධ රටවල් 58 ක ඇමරිකානු ඩොලර් 17.79ක වටිනාකමින් යුත් මූල්‍ය නොවන සෘජු ආයෝජන සිදු කළ අතර එය 2019 වසරට සාපේක්ෂව 18.3% ක වර්ධනයක් වන බව චීන වාණිජ අමාත්‍යංශය පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන