2020 වසරේ චීනයේ බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යයන් සංවර්ධනය, නව මට්ටමකට
2021-01-22 20:09:34
Share with:

2020 වසරේ චීනයේ බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යයන් සංවර්ධනය නව මට්ටමකට නැංවී තිබේ. චීන ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Hu Wenhui මහතා අද(22) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

චීනයේ හොංකොං, මැකෞ සහ තායිවානය යන ප්‍රදේශ හැරුණු විට, චීන මහ ගොඩබිම තුළ 2020 වසරේ අවසානය වනතෙක්, ඵලදායී නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 2.2කි. එය ජනගහණයේ සෑම දහ දාහකින්ම නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 15.8ක්, යන අගයකි.

චීනයේ ප්‍රධාන බුද්ධිමය දේපල ප්‍රතිඵලය, අපේක්ෂිත ඉලක්කයට අනුකූල වූ අතර, චීන බුද්ධිමය දේපළ පිළිබඳ සංවර්ධනය නව මට්ටමකට නැංවී ඇති බව, Hu Wenhui මහතා එහිදී සඳහන් කළේ ය.

සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ, චීන බුද්ධිමය දේපල පරිහරණ ගාස්තු හා අපනයන ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7.4ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 24.2% වැඩි වීමකි.

එමගින් සංකේතවත් වන්නේ, චීන ව්‍යවසායන් විදේශයන් හි බුද්ධිමය දේපල කෙරෙහි පිරිසැලසුම් හැකියාව තවදුරටත් ශක්තිමත් කර ඇති බව, Hu Wenhui මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන