සෙත්සිරිපාය බහු මහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ
2021-01-22 19:53:20
Share with:

සෙත්සිරිපාය  බහු මහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ_fororder_se-1

බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ යෝජිත බහු මහල් කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි.

සෙත්සිරිපාය 3 වන අදියර ලෙස නම් කර ඇති එම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් කෝටි 1670 කි. මහල් 25 කින් සමන්විත ගොඩනැගිල්ල නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත වෙයි. වසර තුන හමාරක් තුළ ඉදිකිරීම් නිම කිරීම ඉලක්කයයි.

මෙය වැඩිම අයෝජනයක් සිදුකරන රජයේ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය වන අතර උසම ගොඩනැගිල්ලද වනු ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පැවසීය.

ඇමති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු ආරම්භක අවස්ථාවට අද (22) සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන