නිදහස් වෙළෙඳ ජාලය තවදුරටත් පුළුල් කරනු ඇතැයි, චීන වාණිජ අමාත්‍යංශය කියයි
2021-01-22 20:08:48
Share with:

නිදහස් වෙළෙඳ ජාලය තවදුරටත් පුළුල් කරනු ඇතැයි චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දෙයි. චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක Gao Feng මහතා ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

වඩාත් වැඩි වෙළෙඳ සහකරුවන් ප්‍රමාණයක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට චීනය කැමැත්තෙන් සි‍ටී. විස්තීර්ණ හා ප්‍රගතිශීලී ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුම්වලට එක් වීම සක්‍රීය ව සලකා බැලීම ඊට ඇතුලත් වන බවත්, Gao Feng මහතා එහිදී සඳහන් කළේ ය.

2020 වසරේ, චීනය ඇතුළු සාමාජික රටවල් 15ක්, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කර ඇති අතර, එම වසර අවසානයේ දී චීන-යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම් සාකච්ඡා ද සාර්ථක ව ක්‍රියාත්මක කර තිබේ.

චීනය නිදහස් වෙළෙඳ ජාලය තවදුරටත් පුළුල් කිරීමට සූදානම් ය. වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැපයීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා, වඩාත් වැඩි වෙළෙඳ සහකරුවන් ප්‍රමාණයක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට චීනය කැමැත්තෙන් සි‍ටින බව, Gao Feng මහතා එහිදී කියා සි‍ටියේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන