විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් වෙනුවෙන් ගුවන් තොටුපලේ විශේෂ ස්ථානයක්
2021-01-22 17:39:50
Share with:

විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් වෙනුවෙන් ගුවන් තොටුපලේ විශේෂ  ස්ථානයක්_fororder_Sri Lanka Passport Holders - Foreign Employment and Tourism

විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂයෙන් වෙන්කල ස්ථානයකින් ඇතුල් වීමේ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

“ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන් - විදේශ රැකියා හා සංචාරක” යනුවෙන් නම් කොට ඇති එම ස්ථානය අද (22) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහි ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව කවුළුවක් හරහා දැනුවත් කිරීම හා පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව, විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ප්‍රථමයෙන් හඳුනා ගෙන කඩිනමින් ඔවුන්ගේ කටයුතු, ගුවන් තොටුපල පිටත් වීමේ පර්යන්තයේ පිහිටි කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදී සිදුකෙරේ. මෙහිදී විවිධ වීසා බලපත්‍ර උපයෝගි කර ගෙන රැකියා සඳහා පිටත්ව යන අය හඳුනා ගැනීම පහසු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන