දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ
2021-01-22 17:39:11
Share with:

දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ_fororder_sport news

ක්‍රීඩා පාසල් වල  යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12 ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250 කි.මේ යටතේ ක්‍රීඩා පිටි සංවර්ධනය ,ක්‍රීඩා මණ්ඩප අලුත්වැඩියා කිරීම ,නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණුව ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන