ඇමරිකානු නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිනිය දිවුරුම් දෙති
2021-01-21 10:22:58
Share with:

ඇමරිකානු ජනාධිපති ධුරයට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන Joe Biden මහතා එරට 46 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ (20) වොෂිංටනයේදී දිවුරුම් දුන්නේය.

කැපිටල් හිල් හි පැවති උත්සවයේදී 78 හැවිරිදි Joe Biden මහතා ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ජොන්  රොබට්ස් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.ඉන් අනතුරුව ඔහු විනාඩි 20 ක පමණ දේශනයක්  කළේය.දැනට ඇමරිකාව කොවිඩ් 19 වසංගතය, සමාජ අසමානතාව තියුණුවීම, පද්ධතිමය වර්ගවාදය සහ දේශගුණික විපර්යාසය ඇතුළු අර්බුද හා අභියෝග රැසකට මුහුණ දී සිටින බැවින්, ජාතික සමගිය සාක්ෂාත් කළ යුතු බව ඔහු සිය දේශනයෙන් අවධාරණය කළේය.එමෙන් ම දේශපාලන අන්තවාදය, සුදු ආධිපත්‍යය සහ දේශීය ත්‍රස්තවාදය මර්දනය කිරීමට සූදානම් බව Joe Biden මහතා හෙළි කළේය.

එදිනම Kamala Harris මහත්මිය උප ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාය.ඇය ඇමරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිවරිය බවට පත්වූවා ය.‍

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන