චීනය ආකර්ෂණය කර ගන්නා විදේශ ආයෝජනය අඛණ්ඩව ඉහළට
2021-01-21 10:52:57
Share with:

වසර 2020 චීනය ප්‍රායෝගික ලෙස භාවිත කළ විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 999.98ක් වන අතර එය වසර 2019ට වඩා සියයට 6.2ක වර්ධනයක් ලබා ගනිමින් නව ඓතිහාසික වාර්තාවක් පිහිටුවයි.

ඒ අනුව විදේශ ආයෝජන ආකර්ෂණය, වර්ධන අනුපාතය, ගෝලීය අනුපාතය අතින් චීනය ලද කැපී පෙනෙන ජයග්‍රහණ තුළින්, විදේශ ආයෝජකයින් චීනය කෙරේ දක්වන උනන්දුව අඩුවී නොමැති බව පැහැදිලිය. වසංගතය හමුවේ මෙවන් ජයග්‍රහණ දිනා ගැනීමට චීනය දැවැන්ත ප්‍රයත්න දරා ඇත.

වසංගත  කාලය තුළ චීන රජය මුදල්, බදු, මුල්‍ය සේවා, සමාජ සුබසාධන ඇතුළු, ව්‍යාපාරවලට සහායක ප්‍රතිපත්ති මාලාවක් එළිදක්වමින් ඒවා විදේශීය ව්‍යාපාර සඳහා ද ක්‍රියාත්මක කිරීම සහතික කර ඇත. වසංගත තත්ත්වය ප්‍රථමයෙන්ම පාලනය කොට නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වූ චීනය ජාත්‍යන්තර ආයෝජකයින්ට විශ්වාසය ගෙන දීමට සමත් විය.

මේ අතර වසර 2020 රට පුරා ක්‍රියාත්මක වූ විදේශ ආයෝජන තහනම් නාමාවලිය  33ක් දක්වා ද , නිදහස් වෙළඳ අත්හදා බැලීම් කලාපවල ක්‍රියාත්මක වූ එම නාමාවලිය  30ක් දක්වා ද, නිදහස් වෙළඳ වරායන්හි ක්‍රියාත්මක වූ එම නාමාවලිය 27ක් දක්වා ද අඩු කර තිබේ. මේ අතරම ‘විදේශ ආයෝජනය දිරිගන්වන කර්මාන්ත නාමාවලිය’ වසර දෙකක් පුරා ව්‍යාප්ත කෙරිණ. විදේශ ආයෝජකයින් මේ තුළින් වඩා ව්‍යාපාරික අවස්ථා සොයා ගෙන තිබේ.

විදේශ ආයෝජකයින් චීන වෙළඳපොල කෙරෙහි දක්වන විශ්වාසයෙන් පල ප්‍ර‍යෝජන  ලබා ඇත. චීනයේ සියයට 60ක විදේශ ව්‍යාපාරවල වසර 2020‍ ආදායම හා ප්‍රතිලාභ, වසර 2019ට වඩා වැඩි හෝ ඊට සමාන අගයක් ගෙන ඇත. සියයට 95ක ව්‍යාපාර ඉදිරි දැක්ම සම්බන්ධයෙන් සර්වශුබවාදී හෝ සුපරීක්ෂාකාරී  සුභවාදී ආකල්පයක් දරන බව චීන වාණිජ අමාත්‍යංශය මෑතකදී සිදු කළ සමීක්ෂණයෙන් දැක්වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන