කොවිඩ් ආසාදිත වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සුවය ලබයි
2021-01-21 20:19:43
Share with:

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබයි. සුවය ලැබූ බව තහවුරු වීමෙන් පසුව, සිය නිවස වෙත පැමිණි බව, නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.සතියක කාලයක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහනේ දැක්වේ.

පසුගිය ජනවාරි 08 වනදා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන