මාස 10 කට පසු කටුනායක ගුවන් තොටුපල යළි විවෘත කෙරේ
2021-01-21 20:18:31
Share with:

මාස 10 කට පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘත කෙරිණ.

වානිජ ගුවන් මෙහෙයුම් සඳහා  ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසුව පළමු ගුවන් යානය ලෙස ඕමාන් ගුවන් සේවයට අයත් යානයක් අද (21) උදෑසන උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වී ඇත. එමගින් පැමිණි ශ්‍රී ලාංකිකයන් පනස් දෙනෙකු පමණ නිරෝධායනය සදහා යොමු කර තිබේ. ගුවන් යානා 15 ක් අද දිනය තුළ මෙරටට පැමිණෙන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවය. මෙරට පැමිණෙන සංචාරකයින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක‍්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ.

කොරොනා වසංගතයේ පැතිරීම හමුවේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ඉකුත් වසරේ මාර්තු 17 වැනිදා ගුවන් තොටුපලේ සාමාන්‍ය කටයුතු අත්හිටුවනු ලැබිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන