මයික් පොම්පියෝ යළි නොඑන්න!
2021-01-20 16:24:27
Share with:

ඇමරිකාවේ ආණ්ඩු බලය පැවරීම අවසාන අදියරට පිවිස තිබේ. මේ අවස්ථාවේ එක්තරා පුද්ගලයෙක් කලබලයෙන් ගැටළු හා එදිරිවාදිකම් ඇති කරමින් ‘ලෝක විනාශ උමතුව’ රඟ පා ඇත. ඔහු, බොරු කීම, රැවටීම හා සොරකම් කිරීම තුළින් ස්වයං ගෞරවය සොයන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝය.

ඇමරිකානු නිලධාරීන්, චීනයේ තායිවාන ප්‍රදේශය සමග ගනුදෙනු කිරීමේ සීමාව ඉවත් කෙරිණ. කියුබාව, ත්‍රස්තවාදයට අනුබල දැක්වීමේ රටවල නාමාවලියට යළිත් ඇතුළත් කරනු ලැබීය. ඉරානයට පෙරට වඩා දැඩි සම්බාධක පණවා ඇත. මේ සියල්ලම මයික් පොම්පියෝ  විසින් සිදු කරන ලද්දේ ගෙවී ගිය දින දහයක පමණ කෙටි කාලයක් තුළය.

අනතුරුව, සමාජ වෙබ් අඩවිය ඔහුගේ අවසාන සංදර්ශන වේදිකාව බවට පත් විය. දින තුනක් ඇතුලත ට්විටර් 60කට වැඩි ප්‍රමාණයක් පළ කළ ඔහු ගෙවී ගිය වසරවල චීනය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් තමා ලද දේශපාලන ‘ලකුණු’ පාවිච්චි කරමින් චීන ආණ්ඩු පක්ෂයට හා ප්‍රතිපත්තිවලට අපහාස කිරීමට තැත් කළේය. ඔහුගේ වියරුවට ඖෂධයක් නොමැත...

ඔහු රඟ පා ඇත්තේ කුමන චරිතයට ද? පිළිතුර කැපී පෙනේ. ක්ෂණික රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර මගින්, ඊළඟ ඇමරිකානු රජයට පීඩනය ඇති කිරීම ඔහුගේ ඉලක්කය බව ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. මයික් පොම්පියෝ සියළුම පාලම් අළු කරමින්  දැවැන්ත සුන්බුන් ප්‍රමාණයක් ඇති කරන්නට උත්සාහ කරමින් සිටින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන