ඇමරිකාවේ ඊනියා‘ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශය ’ අඳුරු විහිළුවක්
2021-01-20 10:55:23
Share with:

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම දත්තයන්ට අනුව, ඉකුත් 3වැනි දා සිට 9වැනි දා දක්වා වූ සතිය තුළ, ප්‍රථම වරට එරට විරැකියා ආධාරය අයදුම් කළ පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 9.65කට ළඟා වී ඇත. එම සංඛ්‍යාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වාර්තා වූ ඉහළම අගයයි. නව කොරොනා වසංගතය එරට තුළ පැතිර යාමට පෙර පැවති සතිපතා ම ලක්ෂ 2ක මට්ටමට වඩා එය කැපී පෙනෙන ලෙස ඉහළ යාමකි. මේ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මස මධ්‍යම කාලය දක්වා, එරට කෝටිපතියන්ගේ වත්කම් ඇ.ඩො. ට්‍රිලියන 3.88ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

නව කොරොනා වසංගත තත්ත්වය යටතේ, ඇමරිකාවේ ඇති නැති භේදය ඉතා පැහැදිලි ව පෙන්නුම් කෙරේ. ධනවත්හූ කොටස් වෙළඳපොළේ වාසි භුක්ති විඳිමින් ඔවුන්ගේ වත්කම් අඛණ්ඩ ව වැඩි කර ගනිමින් සිටිති. COVID-19 වෛරස පරීක්ෂාව සිදු කිරීමේදී ද ඔවුන්ට ප්‍රමුඛතාවක් හිමි ය. පෝළිම් වල නොසිට ඔවුහූ COVID-19 එන්නත් ලබා ගැනීම සිදු කරති. කෙසේ වෙතත්, වඩාත් වැඩි අඩු ආදායම් ලාභී ජනතාව කුසගින්නේ සිටින අතර වෛද්‍ය පහසුකම් වියදම් ද  දැරිය නොහැකි  තත්ත්වයකට පත්ව සිටිති.

‘ ධනවතුන් අඛණ්ඩ ව පොහොසත් වෙමින් සිටින අතර,අඩු ආදායම් ලාභීන් අඛණ්ඩ ව දුර්වල තත්ත්වයක රැඳී සිටීම ’ යන තත්ත්වය ඇමරිකාවට වෙනස් කළ නොහැකි තත්ත්වයකි. මෙවැනි පරස්පරතා එරට සමාජය ව්‍යුහාත්මක අර්බුදයට ප්‍රධාන හේතු බවට පත්ව තිබේ. ඒ සමග, ඊනියා‘ ප්‍රජාතන්ත්‍රවාදී  ආදර්ශය ’ අඳුරු විහිළුවක් බවට පත් වී ඇතැයි අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන