නව කොරොනා වසංගතයේ මුල් අවධිය පිළිබඳව පර්යේෂණාත්මක සාක්ෂි
2021-01-19 15:40:03
Share with:

නව කොරොනා වසංගතයේ මුල් අවධිය පිළිබඳව බොහෝ රටවල් මේ දිනවල සිදු කළ පර්යේෂණ මගින් නව සොයා ගැනීම් රැසක් දක්නට ලැබෙනවා.

ඉතාලියේ මිලාන් විශ්ව විද්‍යාලය ප්‍රමුඛ ජගත් පර්යේෂණ කණ්ඩායමක්, 2019 වසරේ නොවැම්බර් මස 10 වනදා 25 හැවිරිදි කාන්තාවකගේ සමෙන් ලබාගත් සාම්පලයකින් නව කොරොනා වෛරසයේ ජාන අනුක්‍රමය සොයා ගත්තා. ඒ අනුව ඉතාලියේ පළමු කොරොනා රෝගියා බිහි වූ අවධිය වසර 2019 නොවැම්බර් මාසය ලෙස නියම කර තිබෙනවා. මිලාන් විශ්ව විද්‍යාලයේ වෙනත් පර්යේෂණ කණ්ඩායමක් 2019 වසරේ සැප්තැම්බර් මාසයත් 2020 වසරේ  පෙබරවාරි මාසයත් අතර කාලය තුළ එකතු කළ සාම්පල කෙරෙහි සිදු කළ පරීක්ෂණ වලින් හතර හැවිරිදි පිරිමි ළමයකුගේ සාම්පලයකින් කොරොනා වෛරසයට ධනාත්මක ප්‍රතිඵලයක් සොයා ගත්තා. එම සාම්පලය ලබා ගෙන ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මස 5 වන දායි. එම දිනයට පෙර එම පිරිමි ළමයා සංචාරය කර නොමැති බව ද වාර්තා වෙනවා. මෙම තත්ත්වය සලකා වසර 2019 සරත් ඍතුවේ අග වන විට ඉතාලියේ සහ වෙනත් යුරෝපීය රටවල නව කොරොනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ බව පර්යේෂකයින් අදහස් කරනවා.

මේ අතර වසර 2019 දෙසැම්බර් මාසයේ ඇතැම් ඇමරිකානු ජාතිකයින්ගේ රුධිර සාම්පල තුළ නව කොරොනා වෛරස් ප්‍රතිශක්තිය පැවති බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් වාර්තා කර තිබෙනවා. ස්පාඤ්ඤයේ පළමු කොරොනා රෝගියා වාර්තා වූයේ 2020 වසරේ  ජනවාරි මාසයේ වුවද, 2019 වසරේ  මාර්තු මස 12 වනදා එකතු කළ අපජල සාම්පල තුළ නව කොරොනා වෛරසය හොයා ගත් බව එරට පර්යේෂකයින් පවසනවා. අනතුරුව බ්‍රසීලය, ඉතාලිය ඇතුළු රටවල පර්යේෂකයින්ට ද රටේ පළමු කොරොනා රෝගියා වාර්තා වීමට කළින් එකතු කෙරුණු අපජල සාම්පල තුළ කොරොනා වෛරසය හමුවී තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන