දේශපාලන බලපෑම් කණ්ඩායම් ඇමරිකානු දේශපාලන පරිහානිය වේගවත් කරයි
2021-01-16 16:31:55
Share with:

දේශපාලන බලපෑම් කණ්ඩායම් ඇමරිකානු දේශපාලන පරිහානිය වේගවත් කරයි_fororder_TIM图片20210116163039

ඇමරිකාවේ දේශපාලන බලපෑම්  කණ්ඩායම් සහ පුද්ගලයින් රජයේ තීරණ ගැනීමේදී බලපෑම් කිරීම සහ මහජන මතය පැහැර ගැනීමට මැදිහත්වීම පවා විවෘත සංසිද්ධියකි. ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන පරිත්‍යාග දත්ත ගබඩාවට ( Opensecrets ) අනුව, 2000 සිට 2019 දක්වා ඇමරිකාවේ සෑම වසරකම ලියාපදිංචි බලපෑම් පුද්ගලයින් සංඛ්‍යාව 10000 කට අධිකය . ර‍ජයේ තීරණයන්ට බලපෑම් කරන ඔවුන් ගේ  වියදම් වසර 2000 දී ඩොලර් බිලියන 1.56 සිට 2019 දී ඩොලර් බිලියන 3.51 දක්වා ඉහළ ගියේය. මෙවැනි බලපෑම් කණ්ඩායම් දේශපාලනය මගින් බලවත් කණ්ඩායම් කිහිපයකගේ අවශ්‍යතා බොහෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට වඩා වැදගත් ය. බලපෑම්  කණ්ඩායම් විසින් ඇමරිකානු දේශපාලනය ඛාදනය වීම වඩාත් සෘජුවම පිළිබිඹු වන්නේ මැතිවරණවලදී සිදුවන  බලපෑම් මගිනි. ජනාධිපතිවරණයේදී, සුපිරි දේශපාලන ක්‍රියාකාරී කමිටුවල පැවැත්ම හේතුවෙන් ඇමරිකානු බලපෑම් කණ්ඩායම් වලට වඩාත් නිර්දෝෂී ලෙස අරමුදල් රැස් කර බෙදා හැරිය හැකි අතර එය මැතිවරණ ප්‍රතිඵල සියලු මට්ටම්වලට බලපෑමක් සිදු කළේය.

Opensecrets  සංවිධානයට අනුව, 2020 දී ඇමරිකාවේ "සුපිරි දේශපාලන ක්‍රියාකාරී කමිටු" 2276 ක් ක්‍රියාත්මක අතර ඔවුන් ඩොලර් බිලියන 3.16 ක් පමණ රැස් කර ගෙන තිබේ.

බලපෑම් කණ්ඩායම්වල සහයෙන් බලයට පත්වීමෙන් පසුව ඇමරිකානු දේශපාලනඥයන් ස්වභාවිකවම ආධාරකරුවන්ට සේවය කිරීමට සිදු වෙයි. නියෝජිත මණ්ඩල මන්ත්‍රීවරුන්  මූල්‍ය, බලශක්ති සහ අධ්‍යාපන පනත් කෙටුම්පත් යෝජනා හඳුන්වා දීමේදී ඔවුන්ගේම බලපෑම් කණ්ඩායම්වලට සහයෝගය දැක්වීමට උත්සාහය දැරූහ.

මුදල් මගින් ඛාදනය වී තිබෙන ඇමරිකානු දේශපාලනය බරපතල ආයතනික දූෂණයක් බවට පත්ව තිබේ. කවුරුන් ජනාධිපති වුව ද ඇමරිකානු මුදල් දේශපාලනයේ මෙම  ස්වභාවය වෙනස් කිරීමට නොහැකිය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන