චීන ෂින්ජියාං ස්වායත්තයේ නිෂ්පාදන පිළිබඳව ඇමරිකානු පාර්ශවයේ හැසිරීම අවසානයේ තමාටම හානියක් වනු ඇත
2021-01-16 16:15:47
Share with:

චීන ෂින්ජියාං ස්වායත්තයේ නිෂ්පාදන පිළිබඳව ඇමරිකානු පාර්ශවයේ හැසිරීම අවසානයේ තමාටම හානියක් වනු ඇත_fororder_TIM图片20210116161523

සිය ධුර කාලය අවසන් වීමට ආසන්නව සිටින වත්මන් ඇමරිකානු රජය යළි වරක් ෂින්ජියාං නිෂ්පාදන තහනම් කළේය.

13 වන දින ඇමරිකා රේගු සහ දේශසීමා ආරක්ෂණ කාර්යාංශය නිවේදනයක් නිකුත්  කරමින් ෂින්ජියාංහි කපු, තක්කාලි සහ ආශ්‍රිත නිෂ්පාදිතයන්  තුන්වන රටක පිරිසැකසුම් හා නිෂ්පාදනය කළද ඇමරිකාවේ සියලුම වරායන්වල රඳවා තබන බව ප්‍රකාශ කළේය. ඇමරිකානු ගුවන් විදුලි සංස්ථාවේ වාර්තාවන්ට අනුව, 2020 දී ඇමරිකා රේගුව විසින් නිකුත් කරන ලද "තාවකාලික රැඳවුම් නියෝග" 13 න් 8 ක්ම ෂින්ජියාං  හා සම්බන්ධ ය.

ෂින්ජියාංහි ඊනියා "බලහත්කාර ශ්‍රමය" නමැති චෝදනාව ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් සහ ඔවුන්ගේ චීන විරෝධී බුද්ධි මණ්ඩල  විසින් සම්පාදනය කරන ලද විශාල අසත්‍යයක් බව කරුණුවලින්  බොහෝ කලකට පෙර සනාථ වී තිබේ. ෂින්ජියාං හී කර්මාන්ත ලෙස කපු සහ තක්කාලි කර්මාන්ත එම ප්‍රාදේශීය වැසියන්ට රැකියා අවස්ථා රාශියක් සපයයි. මෑත වසරවලදී, චීන රජය ඉලක්කගත රැකියා ප්‍රතිපත්ති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති අතර, ෂින්ජියාං ස්වායත්තය ද ඊට වෙනස් නොවේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද “ෂින්ජියාං සුළු ජාතිකයන්ගේ රැකියා සමීක්ෂණ වාර්තාවට” අනුව සමීක්ෂණයට ලක් වූ ගම්මාන හතරේ ගම්වැසියන් රැකියා සඳහා ස්වේච්ඡාවෙන් වෙනත් ප්‍රදේශවලට  යාමට දක්වා ඇති කැමැත්ත 86.5% ක් තරම් ඉහළ ය. පසුගිය වසර අවසානයේදී ෂින්ජියාං ස්වායත්තය නිරපේක්ෂ දරිද්‍රතාවයට සමු දී තිබේ.

ඇමරිකානු ප්‍රධාන වෙළඳ සමාගම් සහ සිල්ලර වෙළෙන්දන් සෑම වසරකම ෂින්ජියාංහි රෙදි භාවිත කරමින් ඇඳුම් බිලියන 1.5 කට වඩා ආනයනය කරන අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 කට වඩා වැඩි බව ඇමරිකානු කම්කරු අයිතිවාසිකම් සංගමය ඇස්තමේන්තු කර තිබේ. ඇමරිකාවේ ඇඳුම් හා පාවහන් සංගමයේ සභාපති Stephen Lamar මහතා  පෙන්වා දුන්නේ  එවැනි තහනම හෝ නීති සම්පාදනය නව කොරොනා වසංගතයෙන් මානව හිමිකම්, ආර්ථික සංවර්ධනය සහ අහිතකර බලපෑම්වලට ලක්වූ නීත්‍යනුකූල සැපයුම් දාමයට බරපතල ලෙස හානි එල්ල කරනු ඇති බවයි.

අතිශය ගෝලීයකරණය වූ වත්මන් ලෝකයේ ඇමරිකානු දේශපාලනඥයින් ෂින්ජියාංහි නිෂ්පාදන තහනම් කිරීම සඳහා පරිපාලනමය ක්‍රම භාවිතා කිරීමෙන්  ඇමරිකානු ව්‍යවසායන්ගේ අවශ්‍යතාවන්ට අනිවාර්යයෙන්ම හානි වනු ඒකාන්තය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන