සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි
2021-01-14 15:16:23
Share with:

සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි_fororder_Parliament-SL-2-750x375

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කර සිටී.

ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට උපදෙස් ලබා ගත් බවත් මේ වනවිට කෝවිඩ් 19 ආසාධිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවත් දසනායක මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අහඹු ලෙස තෝරා ගනිමින් පී.සී. ආර් (PCR) පරීක්ෂණ පවත්වන බව පැවසූ දසනායක මහතා ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී.සී. ආර් (PCR) පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉතා දැඩි ලෙස සෞඛ්‍ය රෙගුලාසි පවත්වාගෙන යමින් රාජකාරි කටයුතු සිදු කරන බවත් ඔවුන් ඉදිරියටත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් දසනායක මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන