ඇමරිකාවේ නව රජය යළි බහුපාර්ශ්වවාදය පිළි ගනු ඇතැයි ජගත් ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින බව චීන විදේශ ඇමතිවරයා පවසයි
2021-01-14 15:59:36
Share with:

බහුපාර්ශ්වවාදය පිළිබඳව චීන විදේශ අමාත්‍ය වං යී මහතා අදහස් දක්වයි.

ඉන්දුනීසියාවේ සංචාරයක නිරත චීන විදේශ ඇමතිවරයා ඊයේ (13) බහුපාර්ශ්වවාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය. ඇමරිකාවේ නව රජය යළි බහුපාර්ශ්වවාදය පිළි ගනු ඇතැයි ජගත් ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනය ඊට සමාන ස්ථාවරයේ සිටින බවත්, වං යී මහතා එහිදී කියා සිටියේ ය. බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමට නම්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයටත් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික පිළිවෙතටත් ගරු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. එමෙන් ම විවිධ රටවල ස්වාධිපත්‍යයටත් සාධාරණ සංවර්ධන අයිතීන්ටත් සිය සංවර්ධන මාවත තෝරා ගැනීමේ නිදහසටත් ඉඩ ලබා දිය යුතු ය. බහුපාර්ශ්වවාදය මුලාවෙන් සුළුතර රටවල් සකස් කළ නීති රෙගුලාසි ජගත් ප්‍රජාවට බලහත්කාරයෙන් පැනවීමටත් විශේෂිත රටකට එරෙහිව මතවාද සන්ධානයක් ස්ථාපිත කිරීමටත් චීනය විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන