‘පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ ගොඩ නැගීම’ පිළිබඳ සංකල්පය පශ්චාත් වසංගත යුගයට මාර්ගෝපදේශයක්
2021-01-14 20:14:53
Share with:

වසර 4කට පෙර ජනවාරි මාසයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ නිල සංචාරයක් සිදු කළේ ය. හෙතෙම නව සියවසේ එහි නිල සංචාරය සිදු කළ ප්‍රථම චීනයේ උත්තරීතර නායකයා ය. ඒ අතරතුර හෙතෙම කළ දේශනයක දී, ‘පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ ගොඩ නැගීම ’ යනුවෙන් හැඳින්වන නව යුගයේ චීන රාජ්‍යතාන්ත්‍රික කේන්ද්‍රීය සංකල්පය ඉතා පැහැදිලි ව පහදා දුන්නේ ය. එමෙන් ම, ‘ ලෝකයට සිදුව ඇත්තේ කුමක් ද? අපි කළ යුත්තේ කුමක් ද ?’ යන ප්‍රශ්නවලට හෙතෙම පිළිතුරු දුන්නේ ය.

මේ වන විට, ‘පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ ගොඩ නැගීම ’ පිළිබඳ සංකල්පය වඩාත් වැඩි රටවල හා ජනතාවගේ පිළි ගැනීමට ලක් වී ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් ලියවිලිවලට ඇතුළත් කර තිබේ.

2021 වසර ආරම්භ වී ඇති අතර, ලෝකය පශ්චාත් වසංගත යුගයට මුහුණ දෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නයට ‘පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ ගොඩ නැගීම ’ පිළිබඳ සංකල්පයෙන් මාර්ගෝපදේශයක් ලබා දිය හැකි බව සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන