වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩ පිළිවෙලක්
2021-01-14 15:14:09
Share with:

වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩ පිළිවෙලක්_fororder_national park

වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, සංචාරක අමාත්‍යංශය, පළාත් සභා හා පලාත් පාලන ආයතන සමග එක්ව මෙම නව වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මොණරාගල දිස්ත්‍රික්කයට ජාතික වනෝද්‍යාන 4 ක් අයත් වේ. යාල, ලුණුගම්වෙහෙර, ගල්ඔය හා උඩවලව ජාතික වනෝද්‍යානය එම වනෝද්‍යානයි. මෙම වනෝද්‍යාන වල සංචාරක ආකර්ෂණ ස්ථාන පරිසර හිතකාමි සංචාරක ස්ථාන ලෙස ප්‍රවර්ධනය සදහා මේ වසරේ දී රුපියල් මිලියන 600 ක් වෙන් කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා  පැවසීය. මොණරාගල දිස්ත්‍රික්කයේ වඩාත් ප්‍රචලිත සංචාරක ආකර්ශණීය ස්ථාන 52 ක් තිබේ. ප්‍රචලිත නොවන සංචාරක ස්ථාන 87 ක් හදුනා ගෙන තිබේ. නව සංචාක ස්ථාන ප්‍රචලිත කිරීමේ රජයේ වැඩ පිලිවෙල යටතේ එම සංචාරක ස්ථාන ප්‍රවර්ධනයටද ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන