අප්‍රිකාවේ සැබෑ මිතුරා කවුරුන්ද යන්න පිළිබඳව චීනය ක්‍රියාවෙන් නැවතත් සනාථ කරයි
2021-01-11 18:43:56
Share with:

අප්‍රිකාවේ සැබෑ මිතුරා කවුරුන්ද යන්න පිළිබඳව චීනය ක්‍රියාවෙන් නැවතත් සනාථ කරයි_fororder_TIM图片20210111184206

"ජාත්‍යන්තර තත්ත්වය කොපමණ වෙනස් වුවද, චීන අප්‍රිකා සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය කිසි විටෙකත් වෙනස් නොවේ." මාස 6 කට පෙර කොරොනා වසංගතයට එරෙහිව සහයෝගයෙන් සටන් කිරීම පිළිබඳ චීන අප්‍රිකානු විශේෂ  සමුළුව අමතමින්  චීන ජනාධිපති ෂි ජීන් පීං මහතා අප්‍රිකානු රටවල් සමග අත්බැඳ ගෙන දැඩි ලෙස කොරොනා වසංගතය පරාජය කර චීන අප්‍රිකානු සහයෝගිතාව ස්ථිර ව ඉදිරියට මෙහෙයවනු ඇතැයි අවධාරනය කළේය.නව වසර‍ උදා වීම නිමිත්තෙන් චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා අප්‍රිකානු රටවල් පහක සංචාරය කර  සරුසාර ප්‍රතිඵල දිනා ගැනීමෙන් නැවත වරක් ලෝකයාට චීනයේ ක්‍රියාව පෙන්නුම් කළේය.

නව වසරේ ආරම්භයේදී චීන ‍විදේශ ඇමතිවරයා අප්‍රිකාවේ සංචාරය කිරීම වසර 31ක් පුරා පවතින චීනයේ රාජතාන්ත්‍රික සම්ප්‍රදාමයකි .කොරොනා වසංගත තත්ත්වය යටතේ පවා එම සාම්ප්‍රදාමය සුපුරුදු පරිදි පැවැත්වීමෙන් චීන අප්‍රිකා අවංක මිතුදම පිළිඹිබු වෙයි.දින පහක් තුළ චීනය සහ අදාළ රටවල් සමග කොරොනා වසංගතය පරාජය කර වැදගත් ප්‍රධාන ව්‍යාපෘතීන් හා නිෂ්පාදනය කඩිනමින් යළි ආරම්භ කර පොදුවේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ගොඩනගමින් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් මැදහත් වීම පිළිබඳව පුළුල් සම්මුතියකට එළඹ ඇති අතර සහයෝගීතා ගිවිසුම් මාලාවක් අත්සන් කර තිබේ. ඉන් චීන-අප්‍රිකානු මිත්‍රශීලී සහයෝගීතාවයේ ප්‍රබල ශක්තියක් පිළිඹිබු විය .

පසුගිය 2020 වසරේ දී ජනාධිපති ෂී ජින් පිං මහතා අප්‍රිකානු රටවල නායකයින් සමඟ බොහෝවර කතා කර වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීන-අප්‍රිකානු සමගිය පිළිබඳ විශේෂ සමුළුවක් පැවැත්වීමට යෝජනා කිරීමෙන් චීන-අප්‍රිකානු සහයෝගීතාවයට වැදගත් උපාය මාර්ගික මග පෙන්වීමක් ලබා දී තිබේ. චීනය අප්‍රිකානු රටවල් 53 කට සහ අප්‍රිකානු සංගමයට විවිධාකාර ආධාර ලබා දී අප්‍රිකාවේ වසංගත විරෝධී ක්‍රියාමාර්ගයන්ට  දැඩි ලෙස සහාය ලබා දීම අප්‍රිකානු පාර්ශවයෙන් ඉහළ ප්‍රශංසාවක් ලබා තිබේ.

වර්තමානයේ අප්‍රිකානු රටවල් වසංගත හා ආර්ථික පසුබෑමේ ද්විත්ව අභියෝගයන්ට මුහුණ දී සිටී. අප්‍රිකාවේ සැබෑ මිතුරෙකු හා හොඳ මිතුරෙකු ලෙස චීනය ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සඳහා අප්‍රිකාවට තදින්ම සහාය දෙයි. අප්‍රිකාවේ සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අප්‍රිකානු රටවල කැමැත්තට පූර්ණ ගෞරවය ලබා දෙමින් අප්‍රිකාව සමඟ ත්‍රෛපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික සහයෝගීතාව සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. 

අප්‍රිකාවේ සැබෑ මිතුරා කවුරුන්ද යන්න පිළිබඳව කාලය විසින්  පිළිතුරු ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන