ඉන්දුනීසියානු ගුවන් යානයක් මුහුදට කඩා වැටේ
2021-01-10 14:58:10
Share with:

ළමුන් 10 දෙනෙකු ඇතුළුව 62 දෙනෙකු ගමන් ගත් ඉන්දුනීසියානු ගුවන් සමාගමකට අයත් බෝයිං 737-500 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත් වෙයි. සෙනසුරාදා පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍ය බූඩි කාර්යා සුමඩි මහතා  පැවසුවේ ජකර්තා අගනුවර සිට බටහිර කලිමන්තන් පළාතේ පොන්තියානාක් නගරය දක්වා ගමන් කළ ගුවන් යානය ජකර්තා නගරයට උතුරින් වූ මුහුදට කඩා වැටී ඇති බවයි.

යානය ජකර්තා හි සූකර්නෝ-හත්ත ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පස්වරු 2.36 ට පිටත් වී තිබේ.අමාත්‍යවරයා පවසන පරිදි යානය අවසන් වරට සන්නිවේදන මාර්ග ඔස්සේ ගුවන් බලධාරීන් සමග සම්බන්ධ වී ඇත්තේ ගුවන් ගත වී මිනිත්තු හයකට පසුවයි.

සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.ඉන්දුනීසියාවේ ජාතික සෝදිසි හා මුදාගැනීම් ඒජන්සියේ  කම්කරුවන් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් සොයාගෙන ඇත.උපරිම උත්සාහයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන ලෙස ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන