දේශීය සිනමාව රැකගැනීමට දෙවසරක වැඩපිළිවෙලක්
2021-01-09 16:04:52
Share with:

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

ඊට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ..

සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට එම හමුව කැඳවා තිබිණ.චිත්‍රපට නිෂ්පාදන සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය එම හමුවට එක්ව ඇත. කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් එම හමුවේදී අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන