දිළිඳුකමින් මිදුණු උතුරු චීනයේ ශාන් ෂී පළාතේ ජින්මී ගම්මානය
2021-01-08 20:30:22
Share with:

උතුරු චීනයේ ශාන් ෂී පළාතේ ජින්මී ගම්මානය කළින් දිළිඳු ගමක් වුණා. ජින්මී යන අකුරුවල අර්ථය වන්නේ රන් සහල් කියලයි. සල්ලි ගැනත් ආහාර ගැනත් කණස්සල්ලකින් තොරව ජීවත් වීමට හැකි වීම එහි ගම් වැසියන්ගේ විශාලතම අභිලාෂය වුණා.

ජින්මී ගම්මානය පිහිටා ඇත්තේ කඳුකරයේ. ජල සම්පත්වලින් පොහොසත්. චීනයේ පුළුල් ලෙස ආහාරයටත් ශාඛ ඖෂධවලටත් ගන්නා කළු හතු වර්ගයක් වගා කිරීම සඳහා එහි සම්පූර්ණ පහසුකම් තිබෙනවා. ඉතින් එම කළු හතු වගා කර්මාන්තය සංවර්ධනය කිරීමත් සමගම ජින්මී ගම් වැසියන් ටිකෙන් ටික දිළිඳුකමෙන් බේරෙන්න පටන් ගත්තා.

දිළිඳුකමින් මිදුණු උතුරු චීනයේ ශාන් ෂී පළාතේ ජින්මී ගම්මානය_fororder_带货人1

එහෙත් වසර 2020 මතු වූ වසංගතය ජින්මී ගම්මානයේ කළු හතු වගා කර්මාන්තයට විශාල පහරක් එල්ල කළා.

මේ අවස්ථාවේදී, මීට පෙර වසර කීපයක් තිස්සේ ප්‍රාදේශීය රජය විසින් එම ප්‍රදේශයේ සංවර්ධනය කළ මහා මාර්ග, අන්තර් ජාල ප්‍රවේශ, විදුලි බල සැපයුම් පහසුකම්, භාණ්ඩ ප්‍රවාහන ජාලය හා විද්‍යුත් ව්‍යාපාරය මගින් විශාල වශයෙන් වාසි ලැබෙන්න පටන් ගත්තා. අන්තර් ජාලය හා විද්‍යුත් ව්‍යාපාරය ඔස්සේ ජින්මී ගම්මානයේ කළු හතු අඛණ්ඩව චීනය පුරා අලෙවි වෙන්න පටන් ගත්තා.

දිළිඳුකමින් මිදුණු උතුරු චීනයේ ශාන් ෂී පළාතේ ජින්මී ගම්මානය_fororder_带货人3

2020 වසරේ  අප්‍රේල් මාසයේ ජින්මී ගම්මානයට විශේෂ අමුත්තෙක් පැමිණියා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතායි. වසංගත තත්ත්වය හමුවේ ගැමි ජනතාව දිළිඳුකමෙන් මුදා ගන්නේ කෙසේ ද යන්න දැන ගැනීම ඔහුගේ එවර චාරිකාවේ ප්‍රධාන අරමුණ වුණා. ජින්මී ගම්මානයේ කළු හතු, විද්‍යුත් ව්‍යාපාරය මගින් විශාල අලෙවියක් ලැබෙන බව දුටු ඔහු සතුටු වුණා. ජනාධිපතිවරයා එම ගම්මානයේ ඇති සජීවි අලෙවි වේදිකාව ඉදිරියේ හිඳිමින් එම ගම්මානයේ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයට ප්‍රශංසා කිරීම පිළිබඳ වීඩියෝ ඛණ්ඩය අන්තර් ජාලය පුරා ජනප්‍රිය වුණා. එදාම එහි සජීවි අලෙවි වැඩසටහන නැරඹූ ප්‍රේක්ෂකයින් කෝටි දෙකක පිරිසක් ටොන් 24ක කළු හතු වේගයෙන්ම මිලට ගත්තා. ෂී ජින්පිං මහතා එතකොට චීනයේ කාර්යක්ෂම භාණ්ඩ ප්‍රවර්ධකයා ලෙස අන්තර් ජාල භාවිත කරන්නන් විසින් ආදරණීය ලෙස නම් කරනු ලැබුණා.

දිළිඳුකමින් මිදුණු උතුරු චීනයේ ශාන් ෂී පළාතේ ජින්මී ගම්මානය_fororder_带货人4

ජින්මී ගම්මානය වගේ සමස්ත දිළිඳුකමෙන් පීඩා විඳී ගම්මාන දිළිඳුකමෙන් මුදවා ගැනීම වසර 2020 චීන රජයේ වැදගත්ම කාර්යභාරයයි. වසංගතය මධ්‍යයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 11ක් වතාවක් රට පුරා නිරීක්ෂණ චාරිකාවල නිරත වෙමින් දිළිඳුකම තුරන් කිරීමේ තත්ත්වයට සමීප ව අවධානය යොමු කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන